ප්‍රථම ධර්ම දූත සේවය සිදු වූ ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අද (15) දිනට යෙදී තිබෙනවා.

මෙම පුන් පොහොයෙහි බෞද්ධ ශාසනික වැදගත්කම් රාශියක් දක්නට ලැබෙන අතර; එහි ප්‍රධානතම සිදුවීම් වන්නේ; ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම යි.

මීට අමතරව ඉල් පුර පසළොස්වක පොහොය ශාසනික වශයෙන් වැදගත්කමක් උසුලන තවත් සිදුවීම් ගණනාවකට පාත්‍ර වනවා.

ඒ අතර;

  • මෛත්‍රී බෝධිසත්වයන් ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම
  • පසුවස් පවාරණය කළ යුතු වීම
  • චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළ හැකි අවසන් දිනය වීම
  • අගසව් සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑම
  • ථූපාරාම චෛත්‍යය ඉදිකිරීම යනාදිය වනවා.

අද දින ලක් වාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සිය ආගමික වතාවත් සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12