spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ලංවිම ඉහළ කළමනාකාරීත්වය දැනුවත් කෙරේ

විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය අවස්ථා දෙකක දී කැඳවා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේ යාන්ත්‍රණය, ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන විදුලිබල ක්ෂේත්‍රයේ නව ආකෘතිය, ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශයේ අරමුණ සහ වගකීම, සංක්‍රාන්තිය කාල සීමාව, සේවකයන් සහ භෞතික සම්පත් අනුගතකිරීමේ ක්‍රියාවලිය, උත්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීමට වෙන්වූ සමාගම් ස්ථාපනය කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ බවයි.

මෙම අවස්ථාවට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, සාමාන්‍යධිකරිවරයා, අතිරේක සාමාන්‍යධිකරිවරුන්, නියෝජ්‍ය සාමාන්‍යධිකරිවරුන්, ප්‍රධාන ඉංජිනේරුවන්, විදුලිබල මණ්ඩලයේ අංශ ප්‍රධානීන්, ජේෂ්ඨ නිළධාරීන් සහ ප්‍රතිව්‍යුහගත කාර්යංශයේ ප්‍රධානියා එක්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?