අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15කට අදියර වශයෙන් ගෙවීම් ඇරඹෙයි – සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකයෙන්

ඇස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 20ක් අතරින් පවුල් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර ඇති බව දල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

දෙවන කාණ්ඩය සඳහා මුදල් ලබාදීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

දැනට සුදුකම් ලබා ඇති අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15 සඳහා ප්‍රතිලාභ ලබාදීමට රුපියල් බිලියන 15ක් පමණ වැය වන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා එම සියලු දෙනාටම අවශ්‍ය මුදල් කඩිනමින් මුදාහරින බව ද කියා සිටියා.

අස්වැසුම පිළිබඳ සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා සිදු කළ හැකි අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා දීමනා දැනටමත් ගෙවා ඇති බව ඔහු සඳහන් කළා.

ව්‍යාජ තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීමක් සිදු කර තිබුණහොත් එය නැවත පූර්ණය කර ගැනීම සඳහා අස්වැසුම පනතේම ප්‍රතිපාදන ඇති බවත් එසේ සිදුව ඇත්නම් නැවත මුදල් ප්‍රතිපූර්ණය කර ගැනීමට පසුබට නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ,

අස්වැසුම ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබූ පළමු කණ්ඩායම සඳහා මුදල් ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා. එයින් ප්‍රතිලාභී පවුල් 689,803ක් මේ වනවිට තම ගිණුම්වලට මුදල් ලබාගෙන තිබෙනවා. එය රුපියල් බිලියන 4.395ක් පමණ වෙනවා.

සමස්තයක් ලෙස අස්වැසුම සඳහා ප්‍රතිලාභි පවුල් ලක්ෂ 15ක් සුදුසුකම් ලබා තිබෙනවා. තවත් පවුල් ලක්ෂ 10ක් ඉල්ලුම්පත් යොමු කර තිබෙනවා. විරෝධතා යොමු කළ පවුල් ගණන ලක්ෂයක් පමණ වෙනවා. මේ සියල්ල සලකා බලා සමස්තයක් ලෙස අස්වැසුම සඳහා ප්‍රතිලාභි පවුල් ලක්ෂ 20ක් තෝරා ගැනීමට කටයුතු කරනවා. අඩුආදායම් ලාභී පවුල් ලක්ෂ 20ක් සඳහා මෙම අස්වැසුම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබාදීමට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය හිමිව තිබෙනවා.

දැන් මෙම පළමු කණ්ඩායම වෙනුවෙන් අප මුදල් මුදා හැර තිබෙනවා. දෙවන කණ්ඩායමට ලබන සතියේදී මුදල් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳ යම් ගැටලුවක් හෝ දැනගැනීමක් සිදු කිරීමට අවශ්‍ය නම් 1924 දුරකතන අංකය මඟින් තොරතුරු ලබා ගන්න හැකියාව තිබෙනවා.

මේ ලබාදෙන මුදල් අප ලබාදෙන්නේ ජූලි මාසයට අදාළවයි. ඉදිරියේදී අගෝස්තු මාසයට අදාළ මුදල් ලබාදීමට කටයුතු කරනවා. අස්වැසුම ප්‍රතිලාභ කිසිදු මාසයක් මගනොහැර ලබාදෙනවා. අස්වැසුම ලබාදෙන්නේ අනෙක් වැඩිහිටි දීමනා, අබාධිත දීමනා ලබාදෙන අතරවීම විශේෂත්වයක්.

සමෘද්ධි ආයතනය මඟින් මෙම පවුල් සවිබලගැන්වීම සිදු කරනවා. අස්වැසුම ප්‍රතිලාභීන් පවා සවිබල ගැන්වීම සිදු කරනවා. මක්නිසාදයත් ලබන වසරේ දී නැවත අස්වැසුම සඳහා ඉල්ලුම් කළ යුතුයි. එක කණ්ඩායමකටම අඛණ්ඩව මෙම ප්‍රතිලාභ ලබා දීම සිදු වන්නේ නැහැ. අස්වැසුම ලබාදෙන්නේ ප්‍රතිලාභ අවැසිම පවුල්වලට පමණයි.

ජනතාව සවිබල ගැන්වීමෙන් පසුව ප්‍රතිලාභ අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම කිසිවෙකු හෝ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අස්වැසුම ප්‍රතිලාභ ලබාගෙන තිබෙනවා ද කියා අප සොය බලනවා. කිසිවෙකු හෝ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ප්‍රතිලාභ ලබාගෙන තිබුණහොත් එය නැවත අයකරගැනීමේ ක්‍රමවේදයක් අස්වැසුම පනතෙන්ම තිබෙනවා. ඒ අනුව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ලබාගත් මුදල් නැවත අය කරගන්නවා. ඉන්පසුව අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින ඊළඟ ප්‍රතිලාභියාට අවස්ථාව ලබාදෙනවා.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජයරත්න මහතා,

අස්වැසුම වැඩසටහන මඟින් ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ පවුල් සඳහා ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරමින් තිබෙනවා. දැනට සුදුසුකම් ලබා ඇති පවුල් ලක්ෂ 15 අතරින් 791,000ක් සඳහා රුපියල් බිලියන 05ක මුදලක් ගිණුම්වලට බැර කර තිබෙනවා. එයින් දැනට 683,000කට වැඩි ප්‍රමාණයක් තමන්ගේ ගිණුම්වලට මුදල් බැර කරගෙන තිබෙනවා. ඉතිරි 111,000ක ප්‍රමාණයට ඉදිරි දින කිහිපය තුළ මුදල් ලැබේවි.

දෙවන කණ්ඩායමට ලබන සතියේදී මුදල් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. සැප්තැම්බර් 15 වැනිදාට පෙර මෙම සම්පූර්ණ මුදල් බැර කර අවසන් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මේ සුදුසුකම් ලබා තිබෙන කිසිදු කෙනෙකුට ප්‍රතිලාභ නොලැබී යන්නේ නැහැ. ඒ නිසා ජනතාවට අනියත බියක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. සුදුසුකම් ලබා තිබෙන සියලුදෙනාටම ප්‍රතිලාභ ලබා දෙනවා වගේම සෑම මසකටම අදාළ මුදල් ලබාදීම සිදු කරනවා. ඒ පිළිබඳ ජනතාව සැකයක් තබාගන්න අවශ්‍ය නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06