spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රතිපත්ති පොළී අනුපාතික තවදුරටත් අඩුකෙරේ (වීඩියෝ)

සිය මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොළී අනුපාත තවදුරටත් අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල ඊයේ (25) දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් ලකුණු 50 කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම තීරණයත් අනුව එය මේ වනවිට පිළිවෙලින් එය සියයට 8.50 සහ සියයට 9.50 මට්ටමේ පවතිනවා.

මධ්‍ය කාලීනව සියයට 5ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගනිමින් ආර්ථිකයට එහි විභවයන් කරා ළඟා වීමට හැකි වන පරිදි වත්මන් සහ අපේක්ෂිත දේශීය හා ජාත්‍යන්තර ආර්ථික වර්ධනයන් පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?