ප්‍රතිකාර සඳහා තරුෂි අයර්ලන්තයට යන්න කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ආසියානු ක්‍රීඩා උලෙළේදී රන් පදක්කමක් දිනා දෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් තරුෂි කරුණාරත්න වෛද්‍ය ප්‍රතිකාර සඳහා අයර්ලන්තයට යවන ලෙස ක්‍රීඩා වෛද්‍ය ආයතනය කළ ඉල්ලීම ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, ජාතික ක්‍රීඩා සංගමය, ජාතික තේරීම් කමිටුව, ජාතික ක්‍රීඩා සභාවේ සහ නියෝජිතයන් සමඟ අමාත්‍යංශ කාර්යාලයේ පැවති හමුවකදීයි ක්‍රීඩා ඇමැතිවරයා මේ බව අනාවරණ කළේ.

ක්‍රීඩා වෛද්‍ය ආයතනය ක්‍රීඩා ඇමැතිවරයාගෙන් අවසර ලබාගෙන තරුෂි කරුණාරත්නගේ වෛද්‍ය වියදම් සහ අයර්ලන්තයේ අනෙකුත් වියදම් සඳහා අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස ඉල්ලා තිබුණා.

කරුණාරත්න ඇයගේ සොහොයුරා සහ වෛද්‍යවරයකු සමඟ අයර්ලන්තයට යාමට සූදානම්ව සිටි අතර ඔවුන්ගේ ගමන් වියදම්, වෛද්‍ය සහ නවාතැන් වියදම් සඳහා මුදල් වෙනුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඇයගේ ආබාධය පිළිබඳ කරුණාරත්න ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය වෙත හෝ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව වෙත කිසිදු දිනක දැනුම් දී නොමැති බවයි ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ඉන්දියාවේ ඇපලෝ හෝ සිංගප්පූරුවේ ක්වීන් එලිසබෙත් රෝහල වැනි ප්‍රසිද්ධ රෝහලකට යැවීමට කටයුතු සම්පාදනය නොකර ඇයව අයර්ලන්තයට යැවීමට ක්‍රීඩා වෛද්‍ය ආයතනය විසින් සැලසුම් කිරීම ගැටලුව වී තිබෙනවා.

මෙම යොවුන් ක්‍රීඩිකාව ඇගේ ආබාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේදී කිසි දිනක MRI ස්කෑන් පරීක්ෂණයකට මුහුණ දී නොතිබූ අතර ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් ඉල්ලා සිටි වියදම් රැස්වීමේදී ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇතැයි සඳහන්.

තරුෂි කරුණාරත්න ජනවාරි 4 වැනිදා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බවත් දෙසැම්බර් දෙවැනි සතියේ අයර්ලන්තය බලා පිටත්ව යෑමට කටයුතු යොදා තිබූ බවත් මෙහිදී අවධානයට ලක් වුණා.

අවසානයේ ඇමැතිවරයා නියෝග කළේ විශේෂ වෛද්‍ය සභාවක් මගින් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට තරුෂි කරුණාරත්න යොමු කරන ලෙසයි.

ඔක්තෝබර් මාසයේදී චීනයේ පැවති 19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමත් සමඟ කරුණාරත්න වඩාත් ප්‍රසිද්ධියට පත් වුණා.

වලල ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් ක්‍රීඩිකාවක් වන ඇය සියලු බාධක අභිබවා තත්ත්පර 2:03.20කින් තරගය නිමා කිරීමට සමත් වුණා.

තරුෂිගේ සාර්ථකත්වයට විශාල වැදගත්කමක් හිමිවුයේ එය වසර 21කට පසු ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උලෙළකදී හිමිවූ රන් පදක්කම වීම හේතුවෙන්.

  1. අපේ කාලකන්නි පාලකයෝ මෙහෙම තමයි පහසුකම් දෙන්නේ. පිටරටකට ගිහින් ඒ රටට ක්‍රීඩා කරන්න නගේ. ඔබට ජය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36