‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන ඇරඹේ (වීඩියෝ)

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රධාන අරමුණු තුනක් ඔස්සේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සාධාරණව බෙදීයාම සහතික කිරීම මෙම වැඩපිළිවෙල තුළින් අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ මෙරට ග්‍රාම නිලධාරී වසම් 14,000ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමට ද නියමිතයි.