ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ව නම්කෙරේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා නම් කර තිබෙන බව නීතිපතිවරයා අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම්දුන්නා.

අදාළ නඩුව අද (16) නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලැබුවා.

එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා මෙන්ම විමර්ශන කටයුතු අධීක්ෂණය කළ ශානි අබේසේකර මහතාව සාක්ෂිකරු වශයෙන් නම් කර නොමැති බව සඳහන් කර සිටියා.

ඒ මහතාව සාක්ෂිකරුවකු ලෙස නම් කරන මෙන් 2022 වසරේ නොවැම්බර් මස 29 වනදා තමන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ බවත් එය සලකා බලන බවට එවක පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා දැනුම් දී තිබූ බවත් ඔහු සඳහන් කළා.

එහෙත් මේ දක්වා ශානි අබේසේකර මහතාව අදාල නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම් කර නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියේ ශානි අබේසේකර මහතා මෙම නඩුවේ 109 වන සාක්ෂිකරු වශයෙන් දැනටමත් නම් කර තිබෙන බවයි.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මෙම නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් නම්කර සිටි විශ්‍රාමික යුද හමුදා සැරයෙන් රන්බණ්ඩා විසින් මෙම අධිකරණයට බොරු සාක්ෂි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අගතිදායක සාක්ෂිකරු ලෙස නම් කර තිබෙන බව සඳහන් කළා.

ඔහු මෙම අධිකරණය හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීමට පෙර තමන්ට තර්ජන පවතින බවට ඔහු විසින් නිකවැරටිය පොලිසියට පැමිල්ලක් සිදු කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඔහු අධිකරණය හමුවේ බොරු සාක්ෂි ලබා දුන්නේ එම පැමිණිල්ල සිදු කිරීමෙන් පසුව බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට අවධාරණය කළා.

එබැවින් මෙම කාරණය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

එම ඉල්ලීම පිළිබඳව කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බළල්ලේ මහතා සඳහන් කලේ එවැනි නියෝගයක් කිරීමට තම අධිකරණයට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් තමන්ට තර්ජනයක් පවතින බවට අදාළ සාක්ෂිකරු අදාළ අංශවලට පැමිණිලි කළහොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සුදුසු ආයතනවලට හැකියාව තිබෙන බවයි විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටි ජනරාල්වරයාද පෙන්වා දුන්නේ මෙම නඩුවේ තවත් සාක්ෂිකරුවකු වන සුමතිපාල සුරේෂ් නමැත්තා තමන්ට එල්ලවී තර්ජන පිළිබඳව වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට පැමිණිලි කිරීමෙන් පසුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙන බව අධිකරණයට දැනුම් දුන්නා.

එම තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව මෙම නඩුවේ පළමු වන විත්තිකරු අත්අඩංගුවට ගෙන මේ වන විට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.

කෙසේ වෙතත් අදාළ සාක්ෂිකරු තමන්ට තිබෙන තර්ජනය පිළිබඳව සුදුසු ආයතනවලට පැමිණිලි කරන්නේ නම් ඊට අදාළව විමර්ශන සිදු කළ හැකි බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය මේ මස 18 වනදා දක්වා කල් තැබුණා.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාර රත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නව දෙනෙකු නම්කර තිබෙනවා.

2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39