spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රකට ඉන්දීය සංගීතඥයෙක් ශ්‍රී ලංකාවට (ඡායාරූප)

ලෝක ප්‍රකට දකුණු ඉන්දීය සංගීතඥ ඉලයරාජා (Maestro Iiayaraja) මහතා දින 06ක සංගීත චාරිකාවක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද පස්වරුවේ සංගීතඥයා කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට ළඟා වූ බවයි.

1976 වසරේ සිට මේ දක්වා චිත්‍රපට 1,500කට පසුබිම් සංගීතය සපයා ඇති ඉලයරාජා මහතා දැනට සමස්ථ ඉන්දියාව පුරාම සහ ලෝකයේම අතිශය ජනාදරයට පත් වී සිටින ඒ.ආර්.රහුමාන් සංගීතඥයාගේ ගුරුවරයා ද වනවා.

තමා ශ්‍රී ලංකාවේ සහ සමස්ථ ලෝකය පුරාම විශේෂයෙන් ද්‍රවිඩ ජාතිකයන් හොඳින්ම දන්නා සංගීතඥයෙකු බවත් තමන් නිර්මාණය කළ ගීතයක් නොඇසූ ද්‍රවිඩ ජාතිකයෙකු ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා නොමැති බවයි ඉලයරාජා මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කළේ.

ඉලයරාජා මහතා සමග ගායක ගායිකාවන් 07 දෙනෙකු සහ සංගීත ශිල්පීන් 27 දෙනෙකු ද මෙරට සංචාරයට පැමිණ සිටියා.

ඔවුන් ලබන 25 වනදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සහ 27 සහ 28 දිනවල සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සංගීත ප්‍රසංග දෙකක් පැවැත්වීමට ද නියමිතයි.

මෙම පිරිස අද පස්වරු 05.25ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL -128 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?