ප්‍රකට ඉන්දීය සංගීතඥයෙක් ශ්‍රී ලංකාවට (ඡායාරූප)

ලෝක ප්‍රකට දකුණු ඉන්දීය සංගීතඥ ඉලයරාජා (Maestro Iiayaraja) මහතා දින 06ක සංගීත චාරිකාවක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද පස්වරුවේ සංගීතඥයා කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට ළඟා වූ බවයි.

1976 වසරේ සිට මේ දක්වා චිත්‍රපට 1,500කට පසුබිම් සංගීතය සපයා ඇති ඉලයරාජා මහතා දැනට සමස්ථ ඉන්දියාව පුරාම සහ ලෝකයේම අතිශය ජනාදරයට පත් වී සිටින ඒ.ආර්.රහුමාන් සංගීතඥයාගේ ගුරුවරයා ද වනවා.

තමා ශ්‍රී ලංකාවේ සහ සමස්ථ ලෝකය පුරාම විශේෂයෙන් ද්‍රවිඩ ජාතිකයන් හොඳින්ම දන්නා සංගීතඥයෙකු බවත් තමන් නිර්මාණය කළ ගීතයක් නොඇසූ ද්‍රවිඩ ජාතිකයෙකු ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා නොමැති බවයි ඉලයරාජා මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කළේ.

ඉලයරාජා මහතා සමග ගායක ගායිකාවන් 07 දෙනෙකු සහ සංගීත ශිල්පීන් 27 දෙනෙකු ද මෙරට සංචාරයට පැමිණ සිටියා.

ඔවුන් ලබන 25 වනදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සහ 27 සහ 28 දිනවල සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සංගීත ප්‍රසංග දෙකක් පැවැත්වීමට ද නියමිතයි.

මෙම පිරිස අද පස්වරු 05.25ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL -128 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25
Video thumbnail
රෝහිණි කළ අසත්‍ය ප්‍රකාශය හැන්සාඩ් එකෙන් අයින් කරයි
00:40
Video thumbnail
සජබයේ ආණ්ඩුවක් යටතේ මේ හොරුන්ට අපි දඬුවම් දෙනවා
06:31
Video thumbnail
ලක්මාලිට රතු කට්ට පනී - ඔයාලා මොකටද අප්පා මේ පාර්ලිමේන්තුවට එන්නේ
07:10
Video thumbnail
විපක්ෂයේ කට්ටියට දැන් හිත රිදෙනවා ඇති - හිටපු ඇමති කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන ලු
04:57
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන ආනන්දගෙන් ප්‍රබල හෙළිදරව්වක් - සයිබර් අපරාධයක් කියලා වාර්තා වුණා
08:34
Video thumbnail
අකිල විරාජ් අධිකරණයට රැගෙන ගිය අයුරු - වතුරත් බිබී හිනාවේවී යන හැටි
01:48
Video thumbnail
රෝහිණි - කොට්ටහච්චි පැටලෙයි.. ආණ්ඩුවේ නැට්ටක් කියලා ඔයා කොහොමද කියන්නේ..?
11:11
Video thumbnail
කෙඳිරි ගාන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න
10:43
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57