ප්‍රංශ සිනමාවේ පුරාවෘත්තයක් වන ජනප්‍රිය නළු ඇලන් ඩෙලෝන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඩූචි හි පිහිටි නිවසේ දී ඔහු ජීවිතක්ෂයට පත්වන විට 88 වන වියේ පසු වුණා.
ප්‍රංශ සිනමාවේ සාර්ථකම යුගයේ දී එහි වර්ධනයට සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකළ නළුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත් ඇලන් ඩෙලෝන් සැලකෙන්නේ ප්‍රංශ සිනමාවේ සිටි කඩවසම්ම නළුවා ලෙසයි.
සමුරායි සහ බෝර්සාලිනෝ ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසකට රංගනයෙන් සිය දායකත්වය ලබාදෙමින් ප්‍රේක්ෂකයින් අතර නොමැකෙන චරිතයක් බවට ඔහු පත්ව සිටියා.
ඩෙලෝන් මෑත කාලයේ දී දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ අතර, වඩාත් මෑතක දී, ඔහුගේ පවුලේ බිඳවැටීම ප්‍රංශයේ පුවත්වල ප්‍රධාන සිරස්තල බවට පත් වුණා.
මේ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ ඇලන් ඩෙලෝන් ප්‍රංශ සංස්කෘතියේ යෝධයකු ලෙසයි.














His performance in Purple Noon was superb.Blue eyed Alan Delon was very handsome.Cicilaian Clad was another movie where he gave his best.