ප්‍රංශ ජාතික කෞතුකාගාරයක ඡායාරූප ලැයිස්තුවෙන් ඉඩක් ශ්‍රී ලාංකිකයෙකුට (ඡායාරූප)

පසුගියදා දසත පුවත් අප විසින් මෙරට ලාංකිකයෙකු හට ප්‍රංශයේ වේදිකා නාට්‍යය කලාව තුළ ලොකු ඉඩක් වෙන් කරගත් චරිතයක් ගැන කතාබහක් ගෙන ආවා.

ඔහු නමින් නීතිවේදී, නර්තන ශිල්පී මෙන් ම මාධ්‍යවේදියෙකු ලෙස මෙරට තුළ කටයුතු කළ කෞෂාල් රණසිංහ යි.

වසර තුනකට පමණ කෞෂාල් පදිංචිය සඳහා ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ප්‍රංශයේ ජීවත් වෙමින් සිටින නීතිවේදී කෞෂාල් රණසිංහ තම උපන් රටට කීර්තියක් අත්කර දෙමින් ජාත්‍යන්තරය ජයගැනීමට සමත් වුණා.

ඒ ශ්‍රී ලාංකිකයෙකුට ජාත්‍යන්තර වේදිකා නාට්‍යය ඉතිහාසයේ සම්භාව්‍ය ගණයේ නාට්‍යයක් වන ‘සාකුන්තලා’ හි ප්‍රධාන චරිතයක් හිමිකර දෙමින්.

ඉන්දීය නළු නිළියන් මෙන් ම විදෙස් නළු නිළියන් මධ්‍යයේ එම නාට්‍යයටම සිටි එකම ලාංකිකයා වූයේ කෞෂාල් රණසිංහ පමණි.

ඉතිං මේ සාකුන්තල නාට්‍යය පසුගිය සතියේ (30) ප්‍රංශ ජාතික කෞතුකාගාරයේ වේදිකාගත කෙරුණා.

ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයක් මගින් ප්‍රතිනිර්මාණය කළ “ශාකුන්තලයේ” ප්‍රධාන චරිතයක් වන දුශ්‍යන්ත රජුගේ චරිතය ශ්‍රී ලාංකික නර්තන ශිල්පියෙක් වන කෞෂාල් රණසිංහ විසින් සිදු කරනු ලැබුවා.

ඉන්දියානුවන් සහ ප්‍රංශ ජාතිකයන් අබිබවා මෙවැනි අවස්ථාවක් ලාංකිකයෙකුට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවයි දසත ප්‍රවෘත්ති අංශය කෞෂාල්ගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ.

මීට අමතරව කෞෂාල් රණසිංහගේ දක්ෂ රංගනය වෙනුවෙන් ඔහුට ප්‍රංශ ජාතික කෞතුකාගාරයේ ඡායාරූප එකතුවේ ඉඩක් වෙන් කරගැනීමට ද අවස්ථාවක් ලැබී තිබෙනවා.

ඒ අනුව නොජො සුර් සෙන් camille claudel ජාතික කෞතුකාරයේ ශාකුන්තලය උදෙසාම වෙනම කොටසක් වෙන් කර තිබෙන අතර, එහිදී මේ තාක් නිර්මාණය වූ සාකුන්තලා නාට්‍යයන්හි ප්‍රධාන චරිත හි ඡායාරූප ප්‍රදර්ශනය වන අතර, 2024 වසරේ දී වසර 40කට පසු නිර්මාණය වූ ශාකුන්තලේ ප්‍රධාන චරිතයක් වන දුශ්‍යන්ත රජුගෙ චරිතය සිදු කළ ශ්‍රී ලාංකික නර්තන ශිල්පියෙක් වන කෞෂාල්ගේ ඡායාරූප සහ විස්තරය
ද එකතු වනු ඇති.

ප්‍රංශයේ නොජො සුසෙන් හි දි එරට දී ප්‍රථම වරට වේදිකාගත වුණු සාකුන්තලය ප්‍රතිනිර්මාණය කර ඇත්තේ 50 දශකයේ සිට බැලේ නාට්‍ය නිර්මාණයක් ලෙස යුරෝපයේ ප්‍රසිද්ධ වූ ඉන්දියානු පුරාවෘත්තයක් වන සාකුන්තලය පදනම් කරගනිමින්.

දුශ්‍යන්තගේ චරිතයට පණ පෙවූ කෞෂාල් රණසිංහ වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක්;

ශාකුන්තලයේ දුශ්‍යන්ත රජුගේ චරිතය මා ආදරයෙන් කරපු චරිතයක්… වසරකට ආසන්න පුහුණුවීම, කය චරිතයට අනුව සැකසීම සහ චරිතයට එළඹීම ගැන මා ප්‍රංශයට පැමිණිමෙන් පසු ලබාගත් හොඳම අත්දැකීම මෙයයි. ඊටත් වඩා ඉන්දියානු නර්තන අධ්‍යක්ෂකවරයෙකු, ප්‍රංශයේ ජාතික කෞතුකාරයක් සමග මීට පෙර නිර්මාණය වූ ප්‍රංශ ජාතිකයන් ආදරයෙන් වැළඳගත් බැලේ නාට්‍යයක් කතක් සහ semi classical මාධ්‍යයෙන් ගෙන ඒම මට විශාල අත්දැකීමක් සහ අභියෝගයක් වුණා..” යනුවෙන්.

ඉතිං කෞෂාල් ශ්‍රී ලංකාවේ ඉපිද මෙරට සංස්කෘතික වර්ණයන් ජාත්‍යන්තරය තුළ ඔබේ හැකියාවෙන් ඔප මට්ටම් කරමින් එළිදැක්වීමේ වෑයමට දසත ලංකා ප්‍රවෘත්ති අංශයෙන් උණුසුම් සුබ පැතුම්!

WhatsApp Image 2024 12 06 at 12.26.38 4
4c8fd98f dd3b 4429 8a80 986be54e793c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56