ප්‍රංශ ජනාධිපතිට බිරිඳගෙන් සත්තමක් (වීඩියෝ)

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ වනවිට වියට්නාමයේ සංචාරයක නිරත වනවා.

එලෙස වියට්නාමයට පැමිණි ප්‍රංශ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මේ වනවිට විදෙස් මාධ්‍යවල වැඩි අවදානයක් යොමුව තිබෙනවා.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය හැනොයි ගුවන්තොටුපොළට ගොඩබෑමෙන් පසු ඒ තුළ සිදුවූ අනපේක්ෂිත සිදුවීමක් මීට හේතු වූ තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානයේ දොර විවර වූ පසු, කාන්තා අතක් තරවටු ස්වරූපයෙන් මැක්රොන්ගේ මුහුණ අල්ලා තල්ලු කරන ආකාරය දැකගත හැකියි.

ගුවන් යානය පහළ සිටි මාධ්‍යවේදීන්ගේ කැමරාවල මෙම සිදුවීම පටිගත වී ඇති අතර, මැක්‍රොන් ජනාධිපතිවරයාගේ බිරිඳ විසින් ඔහුව මෙලෙස තල්ලු කරන ආකාරය නිරීක්ෂණය වනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී මැක්‍රොන් ජනාධිපතිවරයා බොරු සිනාවක් ද ආරූඪ කරගන්නා ආකාරය දැකගත හැකි වනවා.

පසුව ප්‍රංශ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ කිසිවක් සිදු නොවූ ලෙස ගුවන් යානයෙන් පහළට බසින අතර, එම අවස්ථාවේ දී
ජනාධිපතිවරයා තමන්ගේ අත අල්ලා ගන්නැයි බිරිඳට ඉඟිකරන නමුත් ඇය සිදුකරන්නේ නැහැ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කිසිවක් ප්‍රකාශ කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29