ප්‍රංශය පැරදූ ස්පාඤ්ඤය ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ප්‍රබල ස්පාඤ්ඤය කණ්ඩායමට අද (15) හැකියාව ලැබුණා.

ඒ, ප්‍රංශය සමඟ අවසන් පූර්ව තරගය ගෝල 2-0ක් ලෙස ජය ගැනීමත් සමඟයි.

ස්පාඤ්ඤය කණ්ඩායම අවසන් වරට මෙලෙස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගෙන ඇත්තේ 2010 වසරේ දී වන අතර ඒ අනුව අද ඔවුන් වසර 16කට පසුව ලෝක කුසලානයක අවසන් තරගයකට සුදුසුකම් ලබා ගත්තා.