ප්‍රංශය ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් කරයි

ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් බවට තහවුරු කිරීමේ යෝජනාව ප්‍රංශයේ සෙනෙට් මණ්ඩලය අනුමත කර තිබෙනවා.

එය පහෙන් තුනක බහුතරයකින් සම්මත වී ඇති බැවින් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සෙනෙට් සභාව යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ලබන සතියේ පාර්ලිමේන්තු ඒකාබද්ධ සැසියේදී ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් ලෙස පිළිගැනීමට ප්‍රංශය සැලසුම් කර තිබෙනවා.

ප්‍රංශ රජය, නීති සම්පාදකයින් සහ සෙනෙට් සභිකයින් පෙන්වා දී තිබුණේ ගබ්සා කිරීමේ අයිතිය එක්සත් ජනපදයේ සහ යුරෝපයේ අනෙකුත් රටවල අභියෝගයකට ලක්ව ඇති බැවින් එයට පූර්ණ ව්‍යවස්ථාපිත ආරක්ෂාවක් අවශ්‍ය බවයි.

යෝජනාවට පක්ෂව ඡන්ද 267ක් ලැබී තිබූ ඇති අතර ඊට විරුද්ධව ප්‍රකාශ වී තිබුණේ ඡන්ද 50ක් පමණයි.

1974 වසරේ සිට ගබ්සාව ප්‍රංශයේ නීත්‍යානුකූලව පැවති අතර එය තවදුරටත් ව්‍යවස්ථාව මඟින් තහවුරු කිරීමට අදාළව මෙම යෝජනාව ඉදිරිපත් වී තිබුණා.

සෙනෙට් මණ්ඩලයේ දීර්ඝ විවාදයකින් පසුව අගමැති ගේබ්‍රියෙල් ඇටල් ප්‍රකාශ කළේ ලෝකයේ කාන්තා අයිතීන්ට බලපෑම් එල්ල වන මොහොතක ප්‍රංශය ඒ වෙනුවෙන් නැඟී සිට ප්‍රගතියේ මාවතට පිවිස ඇති බවයි.

ගබ්සා කිරීමට තීරණයක් ගන්නා කාන්තාවන්ගේ එම නිදහස ආපසු හැරවිය නොහැකි බවට පත් කිරීමට තමා පොරොන්දු වූ බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11