ප්‍රංශයේ අනාගතය කොයිබට ද? – දේශපාලනය ව්‍යාකූලත්වයක

ප්‍රංශ මහ මැතිවරණයේ දී අනපේක්ෂිත ජයක් හිමි කරගැනීමට වාමාංශික සන්ධානය සමත්වුණා.

කෙසේ වෙතත් කිසිදු පාර්ශ්වයක් බහුතර බලයක් දිනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් සභාග ආණ්ඩුවක් පිහිටුවා ගැනෙනු ඇති.

මුළු මන්ත්‍රී ආසන 577කින් සමන්විත ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා අවශ්‍ය ආසන 289ක සීමාවට ළඟා වීමට හෝ කිසිදු පක්ෂයකට හැකි වී නැහැ.

හදිසියේ ප්‍රකාශයට පත් කළ ප්‍රංශ මහමැතිවරණයේ දෙවැනි අදියරේ ඡන්ද විමසීම ඊයේ පැවැත්වුණා.

ප්‍රංශය දකුණට හැරෙන බවට කල් තියා කර තිබූ පුරෝකථන සහතික කරමින් පළමු වටයේ දී Marine Le Pen ගේ ජාතිකවාදී, eurosceptic National Rally (RN) බහුතර කැමැත්ත දිනා ගෙන සිටියා.

නමුත් දෙවැනි වටයේ දී අනපේක්ෂිත පසුබෑමකට ලක් වූ දක්ෂිණාංශික ලේ පෙන්ගේ පක්ෂය තෙවැනි තැනට ඇද වැටුණා.

වාම සහ මධ්‍යවාදී සන්ධාන පසුගිය සතියේ පළමු වටයේ ඡන්ද විමසීමෙන් පසු ඒකාබද්ධ RN විරෝධී ඡන්දයක් ගොඩනැගීම සඳහා තුන්කොන් තරඟවලින් අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් ඉවත් කරගනිමින් සහයෝගයෙන් කටයුතු කිරීම
ප්‍රතිඵලය වෙනස්වීමට බොහෝ සෙයින් බලපා තිබෙනවා.

පසුගිය මාසයේ පැවති යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරනයේදී RN ලැබූ ජයත් සමග දේශපාලන නිරවුල් බවක් ඇති කර ගැනීමේ අදහසින් හදිසි මැතිවරණයක් කැඳවූ මධ්‍යස්ථ මතධාරී ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ට ද මෙම ප්‍රතිඵලය එතරම්
සුබවාදී එකක් නොවෙයි.

ඊට හේතු වී ඇත්තේ ප්‍රබල දේශීය න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කළ නොහැකි තරමට යුරෝපීය සංගමයේ සහ විදේශයන්හි ප්‍රංශයේ භූමිකාව දුර්වල කෙරෙන බරපතළ ලෙස ඛණ්ඩනය වූ පාර්ලිමේන්තුවක් නිර්මාණය වී තිබීමයි.

මැතිවරණයෙන් පාර්ලිමේන්තුව වම, මධ්‍යගත සන්ධානය සහ අන්ත දක්ෂිණාංශික ලෙස විශාල කණ්ඩායම් තුනකට බෙදී ගොස් තිබෙනවා.

බරපතළ වෙනස්කම් සහිත සහ එකට වැඩ කිරීමේ සම්ප්‍රදායක් නොමැති මෙම කණ්ඩායම් තුන සමග අනාගතයේ කුමක් සිදුවනු ඇති දැයි අවිනිශ්චිතයි.

වාමාංශික සන්ධානය ආසන 195ක බලය දිනා ගෙන තිබෙනවා.

මැක්‍රොන් ප්‍රමුඛ මධ්‍යගත සන්ධානය දිනා ගත් ආසන ගණන 174ක්.

මැතිවරණය ජය ගනු ඇතැයි පුරෝකතනය කෙරුණු අන්ත දක්ෂිණාංශක සන්ධානය තෙවැනි තැනට පත් වුණේ ආසන 143ක බලය හිමි කරගනිමින් දක්ෂිණාංශික පක්ෂ ආසන 60ක බලය දිනා ගෙන ඇති අතර ප්‍රත්‍යන්ත පක්ෂ ආසන 5ක් දිනාගෙන සිටිනවා.

වමේ ජයග්‍රහණයත් සමග මධ්‍යම පැරිසියේ ජනරජ චතුරශ්‍රය වාමාංශික ආධාරකරුවන්ගෙන් පිරී ගියා.

මෙම ප්‍රතිඵලයත් සමග යූරෝව සැලකිය ලෙස පහත වැටුණා.

ප්‍රතිඵලය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ RN නායක ජෝර්දාන් බාර්ඩෙලා RN විරෝධී බලවේග අතර සහයෝගීතාවය හැඳින්වූයේ නින්දාසහගත සන්ධානයක් ලෙසින්.

එම සන්ධානය ප්‍රංශය අකර්මණ්‍ය කරන බව ඔහු පැවසුවා.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග නව අගමැතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩුවකට ඉඩ දෙමින් ගාබ්‍රියල් අතාල් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ප්‍රංශය ප්‍රවිෂ්ට වී ඇත්තේ පැහැදිලි මගක් නොමැති දේශපාලන අස්ථාවර කාල පරිච්ඡේදයකටයි.

දැන් සියලු දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ ජනාධිපතිවරයා වෙත වන අතර, ඔහුට මෙම තත්ත්වයෙන් රට ඉදිරියට ගෙන යෑමට සිදුවනු ඇති.

නව ජාතික සභාව දින 10කින් රැස්වීමට නියමිත අතර ජුලි 26 වැනිදා පැරිස් ඔලිම්පික් උලෙළ ද ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26