පළාත් පාලන මැතිවරණ මූලික මුද්‍රණ කටයුතු අවසන්

පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බව මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය පවසනවා.

ඇය සඳහන් කළේ අද දිනයේ සිට ඡන්ද පෝළිම් දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.

කෙසේවෙතත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් එම කටයුතු අකර්මණ්‍ය වී ඇති බව මුද්‍රණාලයාධිපතිනිය පෙන්වා දෙනවා.

දිවා කාලයේදී පොලිස් නිළධාරීන් 35 දෙනෙකු සහ රාත්‍රී කාලයේ පොලිස් නිළධාරීන් 25 දෙනෙකු බැගින් පොලිස් නිළධාරීන් 60 දෙනෙකු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන අවස්ථාවේදී ආරක්ෂක කටයුතු සඳහා යොමුකරන ලෙස රජයේ මුද්‍රණාලය පොලිස්පතිවරයාගෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේවෙතත් ආරක්ෂක කටයුතු සදහා මේ වනවිට යොදවා ඇත්තේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු පමණක් බවයි මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ.

ඇය පැවසුවේ ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමේ කටයුතු සිදුකළ නොහැකි බවයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යන වියදම පසුව දෙන බවට මැතිවරණ කොමිෂන් සභාව දුන් ලිඛිත පොරොන්දුව අනුව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ද තමා සූදානම් බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළා.

නමුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් ආරක්ෂාව නොදීම නිසා ඒ කටයුතු කරගෙන යාමට නොහැකිව ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයා ඇතුළු අදාළ අංශවලට ලිපි හතරක් දැනටමත් යොමුකර ඇති අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් 65 දෙනෙකු අවශ්‍ය බවද කියාසිටියා.

එහෙත් දැනට ලබාදී ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනකු බව ද මුද්‍රණාලාධිපතිනිය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා ?දොලවත්ත හෙළිකරයි
06:28
Video thumbnail
දයාසිරි, දොලවත්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් - විනිසුරුවරුන් තාම අල්ලස් අරගෙන නැහැ
08:01
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් හෙළිදරව්වක්
03:26
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට නඩු ඉක්මන් වෙන්නේ නෑ - ඔයාලා පොරොන්දු වුණේ පැච් දාන්න නෙවෙයි
14:15
Video thumbnail
අනීතිකව සුඛෝපභෝගීව ජීවත් වෙන්න ගිහින් විනාශ වෙන්න එපා - වසර 5 - 20 දක්වා සිර දඬුවම් දෙන්න වෙනවා
04:23
Video thumbnail
මාස 9ට මත්ද්‍රව්‍ය වැරදිවලට ළමුන් 743ක් අත්අඩංගුවට ගත්තා - ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්
05:33
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක්
00:38
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩුවෙලා
01:10
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න
00:50
Video thumbnail
හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් එල්ලිනෝ ගැන විශේෂ හෙළිදරව්වක් - විශාල ආහාර හිඟයක් ?
18:35