පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් කිහිපයක් ඉල්ලා අස්කරගනියි

2023 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පූනකරී, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සහ මුස්ලිම් කොංග්‍රසය ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් එම අපේක්ෂකයන් විසින් ම ඊයේ (06) ඉල්ලා අස්කර ගනු ලැබුවා.

පෙත්සම් මහින්ද සමයවර්ධන, මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු මඬුල්ලක් හමුවේ සලකා බැලුණා.

මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වෙරදුවේ මහතා කියා සිටියේ 2025 අංක 1 දරණ නව පළාත් පාලන මැතිවරණ පනතේ විවිධාන අනුව මෙම පෙත්සම පවත්වාගෙන යෑමේ පදනමක් නොමැති බවයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එම තර්කය පිළිගැනීමෙන් අනතුරුව පෙත්සම් ඉල්ලා අස් කර ගන්නා බව නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21