මැතිවරණයට ඇප භාර ගැනීම 20 වනදා අවසන් – තැපැල් ඡන්ද අපේක්ෂකයන්ටත් දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණයට අදාළව ඇප තැන්පත් කිරීම ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ලබන 20 වනදා දක්වා අපේක්ෂකයන්ට ඇප තැන්පත් කිරීම් සිදුකළ හැකි බවයි මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක කියාසිටියේ.

මැතිවරණය සඳහා කඩදාසි හිගයක් නෙ ාමැති අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් මීට පෙර සිටම සූදානම්ව සිටි බව කොමසාරිස්වරයා පෙන්වා දෙනවා.

ඒ වෙනුවෙන් රුපියල් බිලියන 10ක මුදලක් පසුගිය වසරේ සිටම වෙන්කර තිබූ බවයි ඔහු කියාසිටියේ.

මැතිවරණ නොපවත්වන ලෙසට තවමත් නීතිමය නියෝගයක් ලැබී නොමැති බැවින් නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සිදුකරන බව ද මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළා.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාර ගැනීමේ අවසන් දිනය ලබන 23 වනදා බවට මැතිවරණ කොමිසම දැනුම්දී තිබෙනවා.

ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රකාශයට සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් තම අයදුම්පත්‍ර ලබන 23 වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර ආයතන ප්‍රධානීන් හරහා ඉරිපත් කළ යුතු වනවා.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාම යොජනා කැඳවීමට මැතිවරණ කොමිසම අද දින නියම කළා.

ඒ අනුව ලබන 18 වනදා සිට 21 වනදා දක්වා පළාත් පාලන 341න් 340ක් සඳහා නාම යෝජනා කැඳවන බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ.

2018 වසරේදී පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී අධිකරණ නියෝගයක් හේතුවෙන් ප්‍රමාද වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම හේතුවෙන් එහි නිල කාලය මෙතෙක් අවසන් වී නැහැ.

මේ අතර පළාත් පාලන ආයතනයක සියයට 25ක කාන්තා නියෝජනයක් සිදුවිය යුතු බවට දක්වමින් පසුගිය දෙසැම්බර් මස 29 වනදා මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයන් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල ද එමගින් ප්‍රකාශයට පත් කළා.

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 2022 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව වන අතර ඒ වෙනුවෙන් සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට අට ලක්ෂයක්.

Election2
Election3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23