spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහි පෙත්සම් විභාගයට ගැනේ

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් හතරක් අද (01) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ යළි විභාගයට ගනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පළාත් පාලන ඡන්ද විමසීම පැවතීම සඳහා දිනය නියම කර තිබූ වකවානුවෙන් රටෙහි විශාල ආර්ථික අර්බුදයක් පැවති බවත් ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් ජනතාව දැනුවත් කර තිබූ බවත් සඳහන් කළා.

ඒ පිළිබඳව මැතිවරණ කොමිසමද දැනුවත් කිරීමට කටයුතු කළ බව කී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පළාත් පාලන ඡන්ද විමසීම පනතට අනුව පළාත් පාලන චන්ද විමසීමක් පැවැත්වීමට බාධා පැමිණෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ප්‍රතිපාදන දක්වා තිබෙන බවත් පැවසුවා.

ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි අවස්ථාවකදී පළාත් පාලන මැතිවරණ පනත තුළ තිබෙන ප්‍රතිපාදන අනුගමනය නොකොට මැතිවරණ කොමිසම සිදු කළේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා සිටීම බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා.

වැඩිදුර පෙත්සම් විභාගය කල් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?