spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමට එරෙහිව ගොනු කළ පෙත්සම් අද සලකා බැලේ

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණා.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු, විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ, සහ ගාමිණී අබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත්තා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆරල් සංවිධානය විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැතිවරණයක් සාධාරණ හා නිදහස් ව පැවැත්විය යුතු බවත් එයට යම් බාධාවක් සිදු වනවා නම්; එය විධායකයේ වරදක් බවත් සඳහන් කර සිටියා.

මැතිවරණය කල් දැමීමට හේතු වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ නියමිත මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම බව වගඋත්තරකරුවන් විසින් සඳහන් කර තිබෙනවා.

2023 වසර සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ විසර්ජන පනතින් රුපියල් බිලියන 10 ක් මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබූ බවත් එම මූල්‍ය ප්‍රතිපාදන වෙනත් කටයුතුවලට නොයොදවා මැතිවරණ කටයුතු සඳහා පමණක් යෙදවීම රජයේ වගකීමක් බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.

මැතිවරණයට යෙදීම සදහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් නොමැති වීම කිසිසේත්ම පිළිගත හැකි කරුණක් නොවන බවත් නිදහස් උත්සවය ආදී වෙනත් උත්සව ගණනාවකට පොලිසිය විශාල ප්‍රමාණයක් යෙදවීම තුළින් එහි අසත්‍යභාව තහවුරු වන බවත් ඔහු කියා සිටියා.

නියමිත පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම බාධා පැමිණවීම තුළින් රජය විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් කටයුතු කර තිබෙන ආකාරය පෙනී යන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා

වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින තෙක් කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?