පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමට එරෙහිව ගොනු කළ පෙත්සම් අද සලකා බැලේ

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණා.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු, විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ, සහ ගාමිණී අබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත්තා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆරල් සංවිධානය විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැතිවරණයක් සාධාරණ හා නිදහස් ව පැවැත්විය යුතු බවත් එයට යම් බාධාවක් සිදු වනවා නම්; එය විධායකයේ වරදක් බවත් සඳහන් කර සිටියා.

මැතිවරණය කල් දැමීමට හේතු වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ නියමිත මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම බව වගඋත්තරකරුවන් විසින් සඳහන් කර තිබෙනවා.

2023 වසර සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ විසර්ජන පනතින් රුපියල් බිලියන 10 ක් මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබූ බවත් එම මූල්‍ය ප්‍රතිපාදන වෙනත් කටයුතුවලට නොයොදවා මැතිවරණ කටයුතු සඳහා පමණක් යෙදවීම රජයේ වගකීමක් බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.

මැතිවරණයට යෙදීම සදහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් නොමැති වීම කිසිසේත්ම පිළිගත හැකි කරුණක් නොවන බවත් නිදහස් උත්සවය ආදී වෙනත් උත්සව ගණනාවකට පොලිසිය විශාල ප්‍රමාණයක් යෙදවීම තුළින් එහි අසත්‍යභාව තහවුරු වන බවත් ඔහු කියා සිටියා.

නියමිත පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම බාධා පැමිණවීම තුළින් රජය විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් කටයුතු කර තිබෙන ආකාරය පෙනී යන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා

වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින තෙක් කල් තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38