spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද මැදියම් රැයෙන් අවසන්

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම පළාත් පාලන ආයතන 340ක බලය කොමසාරිස්වරුන් යටතටයි පත් කෙරෙන්නේ.

මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් හා අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණු අතර ජනතාවට ගැටලුවකින් තොරව තම අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීම පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබෙනවා.

සැලසුම් කර ඇති පරිදි අප්‍රේල් 25 වනදා ද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවට මේ වන විට වාර්තා වන අතර මුදල් නොලැබීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙනුයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම දිගින් දිගටම කල් යමින් පවතින්නේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ද මෙතෙක් මුදල් ලැබී නොමැති බැවින් එම කටයුතු ප්‍රමාද වන බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසන්නේ.

ඒ අනුව අප්‍රේල් 25 වනදා ද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

කෙසේ වුව ද මෙම පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අදින් අවසන්වීමට නියමිතයි.

එම කාලය අවසන් වීමෙන් පසු පළාත් පාලන ආයතන නාගරික කොමසාරිස්වරුන්, පළාත් කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් යටතේ පාලනය කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණක් ලබන ඔක්තෝම්බර් මාසය දක්වා ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?