පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද මැදියම් රැයෙන් අවසන්

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම පළාත් පාලන ආයතන 340ක බලය කොමසාරිස්වරුන් යටතටයි පත් කෙරෙන්නේ.

මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් හා අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණු අතර ජනතාවට ගැටලුවකින් තොරව තම අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීම පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබෙනවා.

සැලසුම් කර ඇති පරිදි අප්‍රේල් 25 වනදා ද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවට මේ වන විට වාර්තා වන අතර මුදල් නොලැබීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙනුයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම දිගින් දිගටම කල් යමින් පවතින්නේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ද මෙතෙක් මුදල් ලැබී නොමැති බැවින් එම කටයුතු ප්‍රමාද වන බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසන්නේ.

ඒ අනුව අප්‍රේල් 25 වනදා ද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

කෙසේ වුව ද මෙම පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අදින් අවසන්වීමට නියමිතයි.

එම කාලය අවසන් වීමෙන් පසු පළාත් පාලන ආයතන නාගරික කොමසාරිස්වරුන්, පළාත් කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් යටතේ පාලනය කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණක් ලබන ඔක්තෝම්බර් මාසය දක්වා ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30