පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණයි – අගමැති

පළාත් පාලන  ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණක් බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

එහිදී ඔහු කියා සිටියේ මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා කැඳවා, අද දින සාකච්ඡාවක් කිරීමට නියමිත බවයි.

මීළඟ ක්‍රියාමාර්ග තීරණය කළ හැක්කේ ඉන් අනතුරුව බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විමසූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ මස 19 වන දා පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසු ගන්නා ක්‍රියාමාර්ග ගැන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී විමසා සිටියා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී දැක්වූ අදහස් පහතින්.

“ගරු කථානායකුමනි, අපේ මාතර දිස්ත්‍රික්ක ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නයම විපක්ෂ නායකතුමාත් 27/2 යටතේ අසා තිබෙනවා. ඉතිං විපක්ෂ නායකතුමත් අහන්නේ ඔය  ප්‍රශ්නනයම තමයි අන්තිමට. ඒ ගැන, නිතීය අනුව කටයුතු කිරීම පමණයි කරන්න පුලුවන්. මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා කැදවලා අද සාකච්ඡා කීරීම අනුව තමයි ඊළඟ කාරණාවලට බහින්න පුලුවන් වන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08