පළාත් පාලන ආයතන අධීක්ෂණයට විශේෂ කමිටුවක්

පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වන කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී රැස් වුණා.

මෙම කමිටුව ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරුන් නියෝජනය කරනවා.

පළාත් පාලන ආයතනවල නිල කාලය ඉකුත් මාර්තු මස 19 වැනි දා අවසන් වූ බැවින් එහි ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ස්ථාපිතයි.

පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කෙරුණු විවිධ ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කිරීම,එම ආයතන වල මූල්‍ය ප්‍රතිපාදන කළමනාකරණය, සියලු කටයුතු අධීක්ෂණය හා පවත්වාගෙන යාම ඇතුළු කරුණු හා ක්‍රමවේදයන් රාශියක් මෙම කමිටුව හරහා ක්‍රියාත්මක කිරීමට හා සිදුකිරීමට තීරණය වීම සහ තවත් කරුණු පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන..

“පහුගිය කාලයේ රටේ සිදුවුණු මාස දහයක් පසුබැස්ම ගෙවුණු මාස හය තුළ ක්‍රමානුකූලව ඉදිරියට ආවා. මුදල් අර්බුද, අලුත් සේවකයින් බඳවා ගැනීමේ චක්‍ර ලේඛන වගේ ප්‍රශ්න ගොඩක් නිරාකරණය කරගත යුතුව තිබෙනවා. ජනාධිපතිවරයා චක්‍ර ලේඛනයකින් හා සෘජු දැනුම්දීමක් හරහා සෑම දිස්ත්‍රික් කමිටුවකම සම සභාපතිවරුන් ලෙස ආණ්ඩුකාරවරු පත්කර තිබෙනවා.

සංවර්ධන කටයුතු හා කාලය අවසන් වූ පළාත් පාලන ආයතනවල එදිනෙදා සේවා එයාකාරයෙන්ම ඉටු කරමින් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යෑමයි එම කමිටුවලින් ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නේ. මේ නිර්දේශ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඔබ අනුගමනය කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිතුමාගේ නියෝජිතයා විදියටයි ආණ්ඩුකාරවරු මේ අවස්ථාවට සහභාගි වෙන්නෙත්.

දිසාපතිවරු හා ප්‍රාදේශීය ලේකම්වරු මේ කාරණය ගැඹුරින් තේරුම් ගත යුතුයි. අපි මේ පීල්ලේ දුවන්න ඕනෙ. ගොවි ජනතාව ඒ අසීරු ගමන ඇරඹුවා. චක්‍රලේඛන නිසා කටයුතු කරන්න බැහැ වගේ කතන්දර දැන් ඇති.

ඉදිරියේ පළාත් පාලන ආයතනවල කටයුතු ක්‍රියාත්මක කිරීමේ පහසුව සදහා පැය 24 ම ක්‍රියාත්මක වන ඒකකයක් සෑම පළාත් පාලන ආයතනයකම පිහිටුවනවා. මේ ගැන සංවර්ධන කමිටුවල අවධානය යොමු කර සංවර්ධන කමිටු සභාපතිගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක කරන්න. එම කාර්යාලයට පැමිණ හෝ දුරකථන මාර්ගයෙන් හෝ වෙනත් කුමන හෝ මාර්ගයක් ඔස්සේ ජනතාවට සම්බන්ධ විය හැකි ක්‍රමවේදයක් අවශ්‍යයි. පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු නැතත් ආයතනය මගින් දෛනිකව සිදුවූ කටයුතු එයාකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම මේ කාර්යාලය හරහා සිදුවිය යුතුයි.

විරුද්ධ පක්ෂයේ අයටත් දිස්ත්‍රික් කමිටුවලට සම්බන්ධ විය හැකියි. ජනාධිපතිවරයා ඔබට බලය පවරලා තියෙන නිසා වැඩසටහන ඉදිරියට ගෙනියන්න වෙනවා. ප්‍රශ්න වලින් මතුවෙන කාරණා ගැන දිසාපතිවරු අවධානයෙන් ඉන්න ඕනේ. පළාත් සභා කටයුතු සිදුවෙන්නෙත්, සංවර්ධන කටයුතු සඳහා මුදල් එන්නේත් ඔබ හරහායි.

නැවත පළාත් සභාව පත්වෙන තෙක් විසුරුවා හැරිය පළාත්සභා සභාපතිවරු වැටුප් දීමනා සහිතව නිල බලයෙන් ඔබ යටතේ ඉන්නවා. ඒ අයගේ සහායත් ඔබට ලබා ගන්න පුළුවන්. මේ කටයුතු ක්‍රියාත්මක කරගෙන අවස්ථාවේදී හදිසි කරුණු මතු විය හැකියි. එවැනි අවස්ථාවල ඒ හදිසි කරුණු ජනාධිපතිවරයා විසින් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට පවරනවා. ඒවා ආණ්ඩුකාරවරු හා දිස්ත්‍රික් ලේකම්වරු ඉටු කළ යුතු වෙනවා. මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගැටලු මතු වුවහොත් ඒවා නැවත ජනාධිපතිවරයා දැනුවත කර විසදා ගත හැකියි.

සුභසාධක සමීක්ෂණය සාර්ථක කරගැනීමටත් අපට අවශ්‍යයි. මේ අවස්ථාවේ ජාත්‍යන්තරයෙන් අපිට ලැබෙන සහය වැඩි කරගන්න එමගින් හැකි වෙනවා. එමෙන්ම ජනතාවට කිසිදු අපහසුතාවයක් නොවී අඛණ්ඩව පළාත් පාලන ආයතනන්හි සේවා ලබාගැනීම හා පවත්වාගෙන යාම සිදුකළ යුතුයි.”

සියලු ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුර දරන අමාත්‍යවරු මන්ත්‍රීවරු, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් ලේකම්වරු ඇතුළු අදාළ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06