පළාත් දෙකක වාහන හිමියන්ට දැනුම්දීමක්

මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් දැනට උද්ගතවී ඇති තත්ත්වය මත මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව මධ්‍යම පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021-08-17 දින සිට 2021-09-14 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එම කාලසීමාව තුළ කල්ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා අලුතින් ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී දඩ මුදල් අය නොකිරීමට ද කටයුතු කරන බව දැනුම් දෙනවා.

මේ අතර සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන කාර්යාලය, එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ස්ථාපිතව ඇති ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශයන් 2021-08-16 සිට 2021-09-15 (එදිනද ඇතුළුව) දින දක්වා තාවකාලිකව වසා තබන බව දැනුම් දී තිබෙනවා.

එම අංශ වසා තැබෙන කාලය තුළ කල්ඉකුත් වන ආදායම් බලපත්‍ර සඳහා 2021-10-15 දින දක්වා දඩ මුදල් අය නොකිරීමට කටයුතු කරන බවද දැනුම් දෙනවා.

තවද අන්තර්ජාලය මගින් ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ පහසුකම් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන අතර එම බලපත්‍රයේ වලංගු කාලය දින 60ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

chrome Gp6HypBSVj
chrome u79LhpUDSV


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11