පළාත් අතර සංචරණ සීමා ඉවතට

පළාත් අතර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා අද අලුයම හතරට අවසන් කෙරුණා.

අන්තර් පළාත් සංචරණ සීමා අද අළුයම 4න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරුණේ ඒ සිකුරාදා (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදීයි.

නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළා.

පවතින තත්ත්වය පාලනය කරමින් රට සාමාන්‍යකරණයට ගෙන ඒමේ ක්‍රියාවලියේ දී පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් වැඩි වගකීමක් ගත යුතු බව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ සියලු අංශ සම්බන්ධීකරණය කරමින් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථක කර ගැනීමට කැපවන ලෙසටයි.

කෙසේවෙතත් පළාත් අතර ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවා ආසනගත මගීන් සඳහා පමණක් ක්‍රියාත්මක විය යුතු බවයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මහජන ඒකරාශීවීම් තවදුරටත් තහනම් කර තිබෙනවා.

ඒ අනුව හෙට සිට පළාත් අතර බස් රථ මෙන්ම දුම්රියද ධාවනය ද ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර දිවයිනේ සියලුම පාසල් වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන මස 8 වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියළුම කතෝලික පාසල් සහ ඇංග්ලිකානු පාසල්වල ද 10,11,12, සහ 13 වැනි ශ්‍රේණී එදිනම විවෘත කිරීමට නියමිතයි.

මේ අතර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්තිද 50%ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වැනිදා සිට ආරම්භ කිරීමටද අවසර හිමිවී තිබෙනවා.

කොවිඩ් වසංගතය හමුවේ වසර දෙකක පමණ කාලයක් දිවයිනේ පාසල් වසා දමා තිබූ අතර වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමග සියලු පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය 25 වැනිදා ආරම්භ කෙරුණා.

මීට අමතරව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සියයට 50 ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වනදා සිට ආරම්භ කිරීමට අවසර ලබාදී තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10