spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළාගිය කොස්තාපල් සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාට පළා යාමට සැලසුම් කරන ලද පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 25ක මුදල් ලබාදෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

පසුගිය සැප්තැම්බර් මස 9 වනදා සිට පළාගොස් සිටින මුනිපාලගේ රවිඳු සංදීප ගුණසේකර නම් සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ඇත්නම් දැනුම් දෙන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව 0718591960 යන අංකයෙන් අදාළ තොරතුරු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයාට හෝ 0718596150 අංකයෙන් ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශයේ අංශ 1 ස්ථානාධිපතිවරයාට දැනුම් දිය හැකියි.

තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍ය භාවය ද ආරක්ෂා කරන බවයි පොලිසිය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
30
+1
5
+1
5
+1
8
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?