පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු T 20 තරගයෙන් තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීමට නවසීලන්තයට ලකුණු 197ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන්ට පන්දු වාර 20 අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 196ක් පමණයි.

කණ්ඩායම් දෙකේ ලකුණු සම වීම හේතුවෙන් ජය පරාජය උරගා බැලීම වෙනුවෙන් සුපිරි පන්දු වාරයක් යැවීමට තීරණය කෙරුණා.

සුපිරි පන්දු වාරයේදී පළමුවෙන් පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් කඩුලු 2ක් දැවී ලකුණු 8ක් ලබාගත්තා.

සුපිරි පන්දු වාරය වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු 3ක් තුල කිසිවෙකුත් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අද ඔක්ලන්ඩ් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් ලබාගත්තා.

මෙම තරගයේදී තම 13 වන අර්ධ ශතකය ලබා ගැනීමට කුසල් ජනිත් පෙරේරා සමත් වූ අතර ඔහු එම ලකුණු 50 ලබාගත්තේ පන්දු 39කට මුහුණ දෙමින්. එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඊට ඇතුලත්. කුසල් පෙරේරා අද යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේ මාස 16කට පසුව වීම විශේෂත්වයක්. ඔහු නොදැවී ලකුණු 53ක් රැස් කළා.

මේ අතර ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් තවත් සුපිරි ඉනිමක් දියත් කළ චරිත් අසලංක පන්දු 41ක් තුළ ලකුණු 67ක් රැස්කරගෙන සිටිය දී හෙන්ඩ්‍රි සිලිප්ලිගේ පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුල්ල ලෙස දැවීගියා.

ඔහුගේ ලකුණු 67ට හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් ඇතුලත් වුණා. චරිත් අසලංක අද ලබාගත්තේ ඔහුගේ 4 වන T20 අර්ධ ශතකයයි.

හයේ පහර 2ක් ද සමගින් පන්දු 11ක් තුල වනිඳු හසරංග නොදැවී ලකුණු 21ක් ලබා ගත්තා. ධනංජය ද සිල්වා ලකුණු 15යි. නායක දසුන් ශානක එක් ලකුණක් ලබා සිටියදී දැවී ගියා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ කඩුළු දෙකක් ම පළමු පන්දුවාර දෙක තුල බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

Chad Bowes ලකුණු දෙකක් ලබා සිටියදී දිල්ෂාන් මදුෂාන්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර Tim Seifert කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත් වුණේ මහීෂ් තීක්ෂණගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන්.

අගනා පිතිහරඹයක නිරත වූ Daryl Mitchell පන්දු 44ක් තුල ලකුණු 66ක් ලබාගත්තා. Mark Chapman ලකුණු 33 යි.

පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුෂාන්, වනිඳු හසරංග සහ දසුන් ශානක කඩුලු දෙක බැගින් බිඳහෙළුවා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර දෙවන T20 තරගය ලබන බදාදා Dunedin හිදී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46