පළමු 20-20 තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු 20-20 තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාව හිමිකර ගත්තා.

ඒ, අනුව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළා.

බේ ඕවල් ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්වෙන අතර, චරිත් අසලංක ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායකත්වය පත් වූ පසු විදෙස් රටක දී තරගයක් මෙහෙයවන පළමු තරගය මෙය වනවා.

අද තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ,

චරිත් අසලංක (නායක) , පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර, මතීෂ පතිරණ

මේ අතර මෙම තරගය සඳහා නිකුත් කළ ප්‍රවේශ පත්‍ර සියල්ල අලෙවි වීම හේතුවෙන් අමතර ප්‍රවේශ පත් 500ක් ද නිකුත් කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනයට අද සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06