පළමු වරට ජංගම දුරකථන අංක මාරු කිරිමේ ක්‍රමවේදයට අවසර දෙයි

ජංගම දුරකථන සඳහා භාවිතා කරනු ලබන අංක හුවමාරු කිරිමේ ක්‍රමවේදය සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් සිය අනුමැතිය ලබාදුන් බව එම කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් ඔෂද සේනානායක පවසනවා.

මෙම ක්‍රමවේදය යටතේ පාරිභෝගිකයාට තමන්ගේ වත්මන් දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන පහසුකම් සපයන සමාගමක් සමග සම්බන්ධවීමට හැකියාව ලැබෙනු ඇති.

සියලුම තාක්ෂණික කරුණු සපුරා ගැනීමෙන් පසුව මෙම පහසුකම 2022 වර්ෂයේ මාර්තු මාසය වන විට ක්‍රියාත්මක කිරීමට හැකිවෙනු ඇති බව විදුලි සංදේශන කොමිෂන් සභාව පැවසුවේ.

මෙම ක්‍රියාවලිය සඳහා තාක්ෂණික කරුණු අතින් වැදගත් වෙන සියලුම පාරිභෝගිකයින් ගේ දත්ත ඇතුලත් මධ්‍යම දත්ත ගබඩාවක් සකස් කරන ලෙස සියලුම සේවා සපයන්නන්ට TRCය විසින් දැනුම් දී ඇත.

ග්‍රාහකයින්ගේ අංක සිතියම් ගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මධ්‍යම දත්ත ගබඩාවක් අවශ්‍ය වෙන අතර දැනට මෙම පහසුකම ක්‍රියාත්මක රටවල් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් ගැන ද අධ්‍යනය කරන බවයි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32