පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ඇරඹේ

රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (21) ආරම්භ වනවා.

අද ආරම්භවන පළමු පාසල් වාරයේ තෙවන දියර එළඹෙන මැයි මස 09 වන දින අවසන් වීමට නියමිත අතර, ඒ අනුව 2025 වසරේ පළමු පාසල් වාරය අවසන්වීමට නියමිතයි.

2025 වර්ෂය සඳහාවන දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි 14 වනදින ආරම්භ වී අගොස්තු 07 වන දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

එමෙන්ම මෙම වසරේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 08 වන දින ආරම්භ වී ඔක්තෝබර් 17 වනදා දක්වා පැවැත්වනු ඇති.

එම පාසල් වාරයේ දෙවන අදියර නොවැම්බර් 17 වනදා සිට දෙසැම්බර් මස 19 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර මහනුවර අධ්‍යාපන කලාපය, වත්තේගම අධ්‍යාපන කලාපය සහ දෙනුවර අධ්‍යාපන කලාපයේ පාසල් 50ක් පළමු පාසල් වාරයේ තෙවන අදියර වෙනුවෙන් අද (21) විවෘත වන්නේ නැහැ.

දළදා වන්දනාව හේතුවෙන් මෙම පාසල් සඳහා අමතර නිවාඩු දින කිහිපයක් ලබාදී ඇති අතර, යළි මෙම පාසල් ලබන 25 වන සිකුරාදා දිනයේ ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46