වී මිලදී ගැනීමේ වැඩසටහනේ පළමු දින හතර තුළ වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගත් බව වී අලෙවි මණ්ඩලය පවසනවා.
.
වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පැවසුවේ විශාලතම වී ප්‍රමාණය අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවයි.
උතුරු සහ දකුණු පළාත්වලින් මෙන්ම මඩකලපුව, මුලතිව්, කිලිනොච්චි සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ද වී මිලදී ගැනීම් කටයුතු මේ වනවිට සිදුකරනු ලබනවා.
ඒ වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය මේ වන විට ගබඩා 43ක් විවෘත කර ඇති අතර, තවත් ගබඩා 143ක් මේ සඳහා සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.
රජයේ සහතික මිල යටතේ නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120 කට, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 130 කට සහ කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 140 කට ද රජය විසින් මිලදී ගනු ලබනවා.













