spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළමු දිනය අවසන් – බංගලාදේශය ලකුණු 248 ක් පිටුපසින්

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායම කඩුළු 03 ක් දැවී ලකුණු 32ක් රැස් කරගෙන සිටියා.

සාකීර් හසන් ,නජිමුල් හොසේන් ශැන්ටෝ සහ මොමිනුල් හක් එලෙස දැවී ගිය ක්‍රීඩකයින් වනවා.

මෙහිදී විශ්ව ප්‍රනාන්දු කඩුළු 02ක් දවා ගත් අතර කසුන් රාජිත එක් කඩුල්ලක් දවා ගත්තා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 248ක් පිටුපසින් බංගලාදේශය පසු වනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම එක් අවස්ථාවක ලකුණු 57 කට කඩුළු 5 ක් දැවී අසීරු තත්වයකට පත්ව සිටියා.

කෙසේ වෙතත් අනතුරුව 6 වන කඩුල්ල සදහා සාර්ථක ලකුණු 202 ක සම්බධතාවයක් ගොඩ නැගීමට කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජයද සිල්වා සමත් වුණා.

එහිදී කමිදු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ලකුනු 102 ක බැගින් රැස්කළ අතර සෙසු කිසිදු පිතිකරුවකු 20 සීමාව ඉක්මවූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
5
+1
3
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?