පළමු දිනය අවසන් – බංගලාදේශය ලකුණු 248 ක් පිටුපසින්

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායම කඩුළු 03 ක් දැවී ලකුණු 32ක් රැස් කරගෙන සිටියා.

සාකීර් හසන් ,නජිමුල් හොසේන් ශැන්ටෝ සහ මොමිනුල් හක් එලෙස දැවී ගිය ක්‍රීඩකයින් වනවා.

මෙහිදී විශ්ව ප්‍රනාන්දු කඩුළු 02ක් දවා ගත් අතර කසුන් රාජිත එක් කඩුල්ලක් දවා ගත්තා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 248ක් පිටුපසින් බංගලාදේශය පසු වනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම එක් අවස්ථාවක ලකුණු 57 කට කඩුළු 5 ක් දැවී අසීරු තත්වයකට පත්ව සිටියා.

කෙසේ වෙතත් අනතුරුව 6 වන කඩුල්ල සදහා සාර්ථක ලකුණු 202 ක සම්බධතාවයක් ගොඩ නැගීමට කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජයද සිල්වා සමත් වුණා.

එහිදී කමිදු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ලකුනු 102 ක බැගින් රැස්කළ අතර සෙසු කිසිදු පිතිකරුවකු 20 සීමාව ඉක්මවූයේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56