පහේ කඩයිම් විභාගයට සියල්ල සූදානම් – ඡන්ද වැඩවලින් විභාගයට බාධා බැහැ

හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,849ක දී පැවැත්වෙන අතර, ඒ සඳහා අපේක්ෂකයින් 320,879 දෙනෙකු සුදුකම් ලබා සිටිනවා.

විභාගය පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත අතර, කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස විභාග කොමසාරිස්වරයා විභාග අපේක්ෂකයින් උපදෙස් ලබා දෙනවා.

හෙට (15) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලින් බාධාවක් සිදුනොකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ අතර යම් ආපදාවක් හේතුවෙන් කිසියම් දරුවෙකුට විභාගයට පැමිණීමට නොහැකි වුවහොත් 117 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය උපදෙස් ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14