පහර කෑ ගුරුවරුන් දෙදෙනෙක් රෝහල් ගත කරයි

ඊයේ (6) දින ගල්නෑව මද්‍යමහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා පුහුණුවීමක් අතරතුර පාසල් ළමුන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන්, එම ආරවුල ගුරුවරු මැදිහත් වීමෙන් සමතයකට පත කර තිබුණා.

පසුව එම සිදුවීමට මුල් වූ එම පාසලේ 9 වසරේ ඉගෙනුම ලැබූ දරුවා ගුරුවරුන් පහර දුන්නායි පවසමින් ගල්නෑව රෝහලට ඇතුලු වී තිබෙනවා.

මේ සිදුවීම පිළිඳව එම දරුවාගේ භාරකරුවන් හට පැහැදිලි කිරීම සදහා ඊයේ (06) සවස එම පාසලේ ක්‍රීඩා ගුරුවරයා ගල්නෑව ලෝලුගස්වැව ප්‍රදේශයේ ඇති එම දරුවාගේ නිවසට ගිය අවස්තාවේදී දරුවාගේ නිවසේ සිටි පිරිසක් එම ගුරුවරයාට අමානුෂික අයුරින් පහර දී තිබෙනවා.

පසුව එම ස්ථානයට පැමිණි එම පාසලේ ජීව විද්‍යා ගුරුවරයාටද ඒ අයුරිම පහර දී ඇති බව සඳහන්.

ඉන් අනතුරුව එම ගුරුවරුන් දෙදෙනා ගල්නෑව රෝහලට ඊයේ සවස ඇතුලත් කර ඇති අතර ජීව විද්‍යා ගුරුවරයාගේ හිසට සිදු ව තිබූ බරපතල තුවාල හේතුවෙන්, වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මේ වන විට වයස අවුරුදු 17 තරණයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදුවීමට අදාල වූ අනෙකුත් පිරිස ප්‍රදේශයේ පලාගොස් ඇති බවයි පොලිසිය සහහන් කළේ.

ඔවුන් සොයා මේ වනවිට ගල්නෑව පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිසිය සදහන් කළා.

මෙම සිදුවීම නිසාම අදින් ආරම්භවීමට නියමිතව තිබූ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය තාවකාලිකව නවතාදමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16