පසුගියදා අතිගරු ජනාධිපතිතුමා ජාතිය අමතා කල කතාව මෙතෙක් රටේ ජනාධිපතිවරයකු ජාතිය අමතා කල විශිෂ්ටතම කතාවක් ලෙස මා දකිනවා’ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
20 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතමින් කියා සිටියේ කොවිඩ් වසංගතය හමුවේ රට ඉතාමත් තීරණාත්මක මොහොතකට පත්වී ඇති බවත් මෙම තීරණාත්මක මොහොතේ දී රටේ සමස්ත ජනතාව පක්ෂ විපක්ෂ ජාති ආගම් කුල මල භේදයකින් තොරව රට පත් වී තිබෙන බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන තේරුම් ගෙන නියමිත සැලසුම් සහ ක්‍රමවේදයන් අනුගමනය කරමින් සියලු දෙනාම එකමුතුව කණ්ඩායමක් ලෙස කටයුතු කර මෙම වසංගත තත්ත්වයෙන් මිදීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.
‘මෙතෙක් රටේ ජනාධිපතිවරයකු ජාතිය අමතා කල විශිෂ්ටතම කතාවක් ලෙස පසුගියදා අතිගරු ජනාධිපතිතුමා ජාතිය අමතා කල කතාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් මා දකිනවා.
කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයත්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමුඛ විසඳුමක් ලෙස එන්නත්කරණ සිදු කල යුතු බව පිළිගත් මතයයි. එසේ නොමැතිව රට වසා දැමීම පමණක්ම නොවයි කොරෝනාවට තිබෙන පිලියම. අතිගරු ජනාධිපතිතුමාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සෑම මසකම අපට අවශ්‍ය එන්නත් මාත්‍රා විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේමයි කඩිනමින් ක්‍රමානුකූලව හා සැලසුම් වලට අනුව ජනතාවට එන්නත් ලබා දෙනවා.
කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසා රට සම්පූර්ණයෙන්ම වසා දමන්න කියලා විපක්ෂය ප්‍රචාරයක් ගෙන ගියා.වෙලාවක වහන්න කියනවා ආයෙ අරින්න කියනවා විපක්ශයට එක මතයක් නෑ.රජය කරන හැම දේකටම විරුද්ධ වෙන්න විතරයි විපක්ෂයේ උවමනාව. කොරෝනා වසංගතය තියෙනකොට තමයි විපක්ෂය සජිත් ජනතා විමුක්ති පෙරමුණ එකතුව උද්ඝෝෂණ රැල්ලක් මේ රටේ ක්‍රියාත්මක කළේ. ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ රටේ අහිංසක ජනතාව බිල්ලට දුන්නා. සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් සහ මාර්ගෝපදේශ ඔවුන් මායිමකට ගත්තෙ නෑ. එහෙම සෞඛ්‍ය නීතිරීති කඩකරපු අය දැන් සෞඛ්‍ය ගැන කතා කරනවා. දැන් අපි එහි ප්‍රතිඵල අත්විඳීනවා. මේ කොවිඩ් හතරවෙනි රැල්ලට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ විපක්ෂයයි.
රට නැවත වරක් සම්පූර්ණයෙන්ම වසා දැමීම නිසා දෛනික වැටුප් ලබන ජනතාවට ඉතා අමාරු තත්වයක් ඇති වෙලා තියෙනවා. අපි ක්‍රමානුකූලව ආර්ථිකය වැටෙන්න නොදී තියාගෙන යනවා. අපිට මෙසේ දිගින් දිගටම රට වසා දැමීමට බෑ. රට මේ විදිහට වසා දැම්මොත් කර්මාන්ත ව්‍යාපාර බිද වැටෙනවා. ආර්ථිය බිද වැටුණම ඔය කියන විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ උපදෙස් දෙන්න එන ඔස්තාර්ලා පැත්ත පළාතක නෑ.කතාව විතරයි විපක්ෂයේ.
අද ලෝකයේ බොහෝ රටවල් මේ වෙද්දි විවෘත කරලා තියෙන්නේ. එම නිසා අපි රට වහගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි කල යුත්තේ එන්නත්කරණය දීප ව්‍යාප්තව ජනතාවට ලබාදීමයි. එහෙම නැතුව රට සම්පූර්ණයෙන්ම වසා දැමීම නොවේ’
මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය














wirodatha ralli pawathweemen Corona seegrayen pathirunu bawa aththayi. ebawin wirodatha pawathwu siyalu denaata nadu damiya yuthuyi janatha saukyata haani wana bawa dana danath ranchu gaseema gana. ko mey ratey neethingnayo ?