පස් වැදෑරුම් ක්‍රමවේද යටතේ රනිල් රට හදන හැටි මෙන්න

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට ටික වේලාවකට (29) පෙර එළිදැක්වුණා.

ඒ කොළඹ ටාජ් සමුද්‍ර හෝටල් පරිශ්‍රයේ දීයි.

‘රනිල් සමග රට දිනවන වසර 05ක්” යනුවෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය නම්කර තිබෙනවා.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය පස්වැදෑරුම් යටතේ නම් කර ඇත්තේ;

ථේරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට, ප්‍රභාස්වර සමාජයක් කරා, මව්බිම දිනවමු, එකමුතු ශ්‍රී ලංකා යනුවෙනි.

නිෂ්පාදන ආර්ථිකය පෝෂණය කරලීම සඳහා වර්තමානයේ ඇති සියලු බාධා ඉවත් කරන අතර ආයෝජන ප්‍රවර්ධනය සඳහා නව ආර්ථික කොමිසම, රටේ ඵලදායීතාව නැංවීම සඳහා ජාතික ඵලදායීතා කොමිසම, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ කාර්යාලය ස්ථාපිත කරන බව “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වනවා.

එමෙන්ම; ආර්ථික අර්බුදය හමුවේ පසුබෑමට ලක් ව ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යළි නඟාසිටුවීම වෙනුවෙන් ලබාදෙන රුපියල් මිලියන 2.5ක් දක්වා වූ ණය මුදලේ පොලී අනුපාතය 5%ක මට්ටමට ගෙන එන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

බලශක්තිය සඳහා පුරවැසියන්ට දැරීමට සිදුවන පිරිවැය අඩුකර, විදුලිය, ඉන්ධන හා ගෑස් කිසිඳු හිඟයකින් හෝ කප්පාදුවකින් තොරව ලබාදීම සහතික කරන බවත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්.

ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා වන තාක්ෂණ ප්‍රවර්ධන පනත 2025 වසරේදී සම්මත කිරීම සහ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා හඳුන්වාදීම ඔස්සේ ඩිජිටල් විප්ලවය වේගවත් කිරීම මෙන්ම මෙරට ආර්ථිකයේ ඩිජිටල් ආර්ථික පංගුව ඉදිරි වසර 5 තුළ ඩොලර් බිලියන 15ක් දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පදනම සකස් කරන බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙතැනින් කියවන්න…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31