පස් මසකට අගුලු වැටෙන අපේ රටේ දුම්රිය මාර්ගය

එළඹෙන මාර්තු මාසයේ සිට මාස 05ක කාලයක් දක්වා උතුරු දුම්රිය මාර්ගය වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, එම මාර්ගයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව කොළඹ සිට ධාවනය වන දුම්රියන් මහව දුම්රිය ස්ථානය දක්වා සීමා වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මහව දුම්රිය ස්ථානයේ සිට ඕමන්තේ දක්වා කිලෝ මීටර් 120ක් පමණ දිගකින් යුත් දුම්රිය මාර්ගය මෙලෙස සංවර්ධනය කිරීමට නියමිතව තිබෙනවා. ඒ, සඳහා ඇස්තමේන්තුගත මුලු වියදම අමෙරිකානු ඩොලර් මිලියන 92ක්. දැනට මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර් 80ක් පමණ වනවා.

මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ ඇතැම් ස්ථානවල වේග සීමාද මේ වන විට පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. කෙසේවෙතත් එම දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසු එම මාර්ගයේ වේග සීමාද නොමැතිව පැයට කිලෝ මීටර් 100ක උපරිම වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ඉන්දියානු ණය ආධාර යටතේ මෙම උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43