spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘පස් පොඩ්ඩා’ සමඟ වෙඩි කෑ තවත් අයෙක් ජීවිතක්ෂයට

ගම්පහ මහාධිකරණය අසළ පසුගිය 27 වනදා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු අද (30) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිද්ධියෙන් මීට පෙර අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමන් රෝහිත පෙරේරා හෙවත් ‘පස් පොඩ්ඩා’ නැමැත්තා ජීවිතක්ෂයට පත් වුණා.

අධිකරණ කටයුත්තකට පෙනී සිට කැබ් රථයකින් එම ස්ථානයෙන් පිටව යමින් සිටියදී පස් පොඩ්ඩා ඇතුළු තවත් පස්දෙනෙකු මෙලෙස වෙඩි ප්‍රහාරය ලක්ව තිබුණා.

මේ වනවිට ඉන්දියාවේ රැඳී සිටින පාතාල කල්ලි නායකයෙකු වන ගනේමුල්ලේ සංජීව නැමැත්තා විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?