පස් කන්දෙන් අවහිර වුණ පාරේ ඇරෙයි – මීදුම නිසා රිය ධාවනය ප්‍රවේසමෙන්

පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වී තිබූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘත කර තිබෙනවා.

අද උදෑසන මෙම මාර්ගයේ මවුන්ට් හෝටලය අසල ප්‍රදේශය සුපුරුදු පරිදි ගමනාගමනයට විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේදිත් නිවර්තන වර්ෂා තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මෙන් ම ඇල්ල – වැල්ලවාය මාර්ග ප්‍රදේශයට ද පැවැතියේ දැඩි වර්ෂාපතන තත්ත්වයක්.

මේ හේතුවෙන් ඊයේ දිනයේ රාත්‍රිය වනවිට ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මවුන්ට් හෝටලය අසල තිබූ පස් කන්දක් මාර්ගයට කඩා වැටීමෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වුණා.

අද අලුයම 04.25 පමණ වන විට ඇල්ල – වැල්ලවාය මාර්ගයට විශාල ගල් ද පෙරළී තිබෙනවා.

පවතින වර්ෂාවත් සමග ඇල්ල වැල්ලවාය මාර්ගයට ඉහළින් ඇති අධික බෑවුම් නිසා ගල් පෙරලීම් නිරන්තරයෙන් ම සිදු විය හැකි බවත් වාර්තා වනවා.

එයට හේතුව පසුගිය දා ඇල්ල ප්‍රදේශයේ කඳු ආශ්‍රිත ප්‍රදේශ ගිනි තැබීම් හේතුවෙන් පඳුරු විනාශ වීමත් සමග පවතින වර්ෂාවේ දි ගල් බුරුල් වී මාර්ගයට වැටීමයි.

මේ හේතුවෙන් සවස් කාලයේ පවතින මීදුම් තත්ත්වය නිසා මාර්ගය භාවිතා කරන්නන් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස ඇල්ල ප්‍රාදේශීය ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14