පස් කන්දක් කඩා වැටී හැටන් බගවන්තලාව මාර්ගයේ ගමනාගමනයට බාධා

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ පැවති අධික වර්ෂාපතනය හමුවේ ඊයේ රාත්‍රියේ මෙම පස් කන්ද කඩා වැටී ඇති බවයි.

හැටන් බගවන්තලාව මාර්ගයේ ටින්සින් වත්ත ප්‍රදේශයේ 8 කණුව අසලදී මාර්ගයට පස් කන්ද කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට රියදුරන්ට දැනුම්දෙන අතර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරීමට නියමිතයි.