පස්සර බස් අනතුර යළි කරළියට! හිටිහැටියේ මතු වු කාරණය

ලුණුගල – පස්සර ප්‍රධාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී 2021 මාර්තු 20 වන දින සිදුවූ මාරක බස් අනතුර සම්බන්ධයෙන් අගතියට පත්වූ පාර්ශවයක් විසින් මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් ඉදිරිපත් කළ බව නීතිඥ ජනක තෙන්නකෝන් මහතා පවසනවා.

ලුණුගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ UP ND 6448 අංක දරණ බස් රථය පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 35කට අධික පිරිසකට තුවාල සිදුවුණා.

එම අනතුරෙන් මියගිය කාන්ති නිවස, ලුණුගල ලිපිනයේ පදිංචිව සිටි අන්තෝනි ස්වාමිනෝදා මහතා සහ බෙනඩික් මැඩෝනා මහත්මියගේ දරුවන් විසින් තම පියා සහ මව මරණයට පත්වීමට හේතුව මෙම මාරාන්තික රිය අනතුර බව ප්‍රකාශ කරමින් සිය මිත්තණිය හා මුත්තණුවන් මඟින් පෙනී සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා‍.

මෙහිදී මෙම බාලවයස්කාර දරුවන් තිදෙනාගේ තර්කය වන්නේ සිය මව හා පියාගේ මරණයට හේතුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් තම රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට අපොහොසත් වීම බවයි නීතිඥ තෙන්නකෝන් මහතා අවධාරණය කරන්නේ.

අනතුර සිදුවූ ස්ථානයේ මහා මාර්ගයට විශාල ගලක් පතිත වී තිබීම හේතුවෙන් වාහන ගමනා ගමනයට බාධාවක් ඇතිවෙමින් තිබූ බවත් එමගින් එම ස්ථානයේ රිය අනතුරක් සිදුවීමට ඉතා ඉහළ සම්භාවිතාවයක් නිර්මාණයවී තිබූ බවත් අදාළ කරුණු දැන සිටියත් මාර්ග සංවර්ධන අධිකාරිය එම ගල මහා මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු නොකිරීම සහ නිසි ආරක්ෂක උපාය මාර්ගයන් අනුගමනය කර නොතිබීම යන කරුණු පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති තිබෙනවා.

ඉයුජිනියා නෝවා (9) එරන් නෝවා (8) සහ එවන් නෝවා (4) දරුවන් තිදෙනා විසින් සිදුවීමට අගතියට පත් පාර්ශවය වන අතර බදුල්ල නීතිඥ සංගමයේ සාමාජික නීතිඥ ජනක තෙන්නකෝන් මහතා විසින් මෙම බාලවයස්කරුවන් තිදෙනා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මෙම නඩුව ගොනුකර තිබේ.

(ජයලත් දිසානාය – බදුල්ල)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40