පස්සර දී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පිරිසකට පහරදීමක්

පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පිරිසකට මිදුම්පිටිය ප්‍රදේශයේ දී ඊයේ (16) පහරදීමක් සිදුව තිබෙනවා.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් පස්සර දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පස්සර පොලිසිය පැවසුවේ.

පස්සර, මිදුම්පිටිය නගරයේ පිහිටි වෙළෙඳසැල්වල සෞඛ්‍යරක්ෂිත භාවය පරීක්ෂා කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටිය දී මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කල් ඉකුත් වූ අහාර ද්‍රව්‍ය ගබඩා කරන ලද ස්ථානයක් ඇති බවට ලද තොරතුරක් මත එම ස්ථානය වෙත ගොස් ඇති නිලධාරීන් විසින් එම ගබඩාව පරීක්ෂා කිරිම සදහා විවෘත කරදෙන ලෙස එහි හිමිකරුගෙන් ඉල්ලා තිබෙනවා.

එම අවස්ථාවේ දී එහි පැමිණි එම ගබඩා හිමිකරුගේ පුතා යැයි පවසන අයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීම සිදුකළ 24 හැවිරිදි වියේ පසුවන අයෙක් පස්සර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සාපරාධී බලහත්කාරකම් පෑමේ චෝදනාව යටතේ ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48