පස්සර අනතුරේ වගකීම සෙවීමට ත්‍රිපුදගල කමිටුවක්

දේශපාලනඥයින් සහ නිලධාරීන් කඹ ඇදිල්ලක

ලුණුගල පස්සර ප්‍රදේශයේ ඊයේ (20) සිදුවූ මාරක අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

මහාමාර්ග අමාත්‍යංශ ලේකම් R.W.R ප්‍රේමසිරි මහතා කියාසිටියේ මේවන විටත් 3 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම අනතුර සිදුවූ එම ප්‍රදේශයට ගොස් සොයා බලමින් සිටින බවයි. මෙහිදී මාර්ග සංවර්ධනයේදී යම් අඩුපාඩුවක් හෝ අක්‍රමිකතාවක් සිදුවී ඇත්ද යන්න සොයා බලන අතර  මාර්ගයට කඩා වැටුණු ගල් පර්වතය මෙපමණ කලක් තිස්සේ ඉවත් නොකිරීමට හේතුව ද සොයා බලන බවයි ලේකම්වරයා කියාසිටියේ.

අනතුර සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් පසු, මරණයට පත්වූවන්ගේ ඥාතීන්ට සහ තුවාල ලැබූවන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් අවසන් තීරණය  ගන්නා බව ද  මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියා. මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කියාසිටියේ කඩාවැටී ඇති මෙම ගල් පර්වතය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී පස්සර ලුණුගල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී ප්‍රශ්න කර ඇති බවයි. ජීවිත 14කින් වන්දි ගෙවන තුරුත් එය නිවැරදි කර ගැනීමට නොහැකි වු බවයි ඔහු පෙන්වා දුන්නේ. මෙම අනතුර සහ ඉන් සිදුවූ ජීවිත හානි පිළිබඳ ඍජු වගකීම පැවරෙන්නේ කාට ද යන්න සොයා බලා මින් ඉදිරියට එවැනි අනතුරු සිදු නොවීමට ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14