spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පශු වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය ප්‍රදේශවලට මාරු කිරීමට පියවර

දැනට රජයේ පශු වෛද්‍යවරුන්ගේ දැඩි අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවලට පවා පශු වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම මගින් අවශ්‍යතා පවතින බොහෝ ප්‍රදේශවලට ඔවුන්ගේ සේවාවන් ලබා දීම ඉතාමත් දුෂ්කර වී ඇති බව පශු වෛද්‍ය සංගමය පවසනවා.

පසුගියදා එම වෛද්‍ය සංගමය ඔවුන්ට පවතින ගැටලු සම්බන්ධව අමාත්‍යවරයා සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබූ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදීලි කර ඇති බවයි සඳහන් වන්නේ.

බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට රජයේ පශු වෛද්‍යවරුන්ගේ සේවාව අවශ්‍ය නොවන බව එම සංගමය එහිදී පෙන්වා දී තිබෙනවා.

එම නිසා එවැනි ප්‍රදේශවල සිටින පශු වෛද්‍යවරු අත්‍යාවශ්‍ය ප්‍රදේශවලට යොමු කිරීම මගින් ඔවුන්ගෙන් විශාල සේවයක් ලබාගත හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් එම ඉල්ලීම පරිදි පශු වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය ප්‍රදේශවලට මාරු කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?