පශු වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය ප්‍රදේශවලට මාරු කිරීමට පියවර

දැනට රජයේ පශු වෛද්‍යවරුන්ගේ දැඩි අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවලට පවා පශු වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම මගින් අවශ්‍යතා පවතින බොහෝ ප්‍රදේශවලට ඔවුන්ගේ සේවාවන් ලබා දීම ඉතාමත් දුෂ්කර වී ඇති බව පශු වෛද්‍ය සංගමය පවසනවා.

පසුගියදා එම වෛද්‍ය සංගමය ඔවුන්ට පවතින ගැටලු සම්බන්ධව අමාත්‍යවරයා සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබූ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදීලි කර ඇති බවයි සඳහන් වන්නේ.

බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට රජයේ පශු වෛද්‍යවරුන්ගේ සේවාව අවශ්‍ය නොවන බව එම සංගමය එහිදී පෙන්වා දී තිබෙනවා.

එම නිසා එවැනි ප්‍රදේශවල සිටින පශු වෛද්‍යවරු අත්‍යාවශ්‍ය ප්‍රදේශවලට යොමු කිරීම මගින් ඔවුන්ගෙන් විශාල සේවයක් ලබාගත හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් එම ඉල්ලීම පරිදි පශු වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය ප්‍රදේශවලට මාරු කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58