පවුලේ අය සමඟ ඔරු පදින්න ගිහින් වැවට බිළි වූ තරුණයා

කරදියානු, පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේ වැවක ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඊයේ (14) පස්වරුවේ පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේ වැවක ගිලීමෙන් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

එහිදී ක්‍රියාත්මක වූ පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව දියේ ගිලීමෙන් අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කළා.

පසුව අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර ඊයේ රාත්‍රියේ දී සොයා ගැනුණු අතර මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙක්.

නින්දවූර් 21 ප්‍රදේශයේ පදිංචිකරුවක් වන මෙම පුද්ගලයා පවුලේ සාමාජිකයින් සමඟ පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේ වැවට පැමිණ ඔරු පදිමින් සිටින අතර තුර මෙලෙස අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට පත් ඔරුවේ සිටි අනෙක් පුද්ගලයින් ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති බව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මේ අතර මහවැලි ගඟේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (14) සොයාගෙන තිබෙනවා.

කටුගස්තොට, කුඩාරත්වත්ත මාවත ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී මෙම මළ සිරුර සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එය සොයාගන්නා අවස්ථාවේදීත් දැඩි ලෙස නරක් වී තිබූ අතර, එය වයස අවුරුදු 50ත් 65ත් අතර වයසේ පසුවන අයෙකුගේ බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මහනුවර රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40