පවුලේ අය එක්ක විනෝද ගමනක් ගිය කුඩු රොෂාන් ඇතුළු 23ක් අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරකාපොල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී යි සැකකරුවන් පොලිස් භාරයට ගෙන ඇත්තේ.

මෙම පිරිස නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක දින කිහිපයක් නතරවී සිට නැවත කොළඹට පැමිණෙමින් සිටියදී යුක්ති මෙහෙයුම යළි ආරම්භ කෙරෙන බවට ලැබුණු තොරතුරු මත වරකාපොල ප්‍රදේශයේ හෝටලයක නතරවී ඇති බවට විමර්ශන නිලධාරීන් හෙළි කරගෙන තිබෙනවා.

සැකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 10ක්, කාන්තාවන් 05ක් සහ කුඩා ළමුන් 08 දෙනෙකුට සිටි බව සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කරන මෙහෙයුම්වලින් සැඟවී සිටීමට මෙම පිරිස නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීම සඳහා ගොස් ඇති බවට ද කරුණු අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04