පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් බඳවා ගැනීම කඩිනම් කෙරේ

සම්මුඛ පරීක්ෂණයකට පමණක් සීමා වූ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් බඳවා ගැනීම වහාම කඩිනම් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව අදාළ බඳවා ගැනීම් පිළිබඳ නිශ්චිත තීරණයක් ඉදිරි දින කිහිපය තුළ ලබා දෙන ලෙසටයි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ. රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ නිලධාරිනියන් සමග අද (27) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

2021 වසරේ ජනවාරි මාසයේ පළ කරන ලද ගැසට් නිවේදනයකට අනුව අදාළ සම්මුඛ පරීක්ෂණ සිදු කර තිබෙනවා. ඒ පවුල් සෞඛ්‍ය සේවය වෙනුවෙන් නව පත්වීම් 2500ක් ලබා දීම සඳහායි. එහෙත් ඉන් 1000ක පිරිසක් පමණක් මේ වන විට පුහුණු වීම් ලබන අතර සෙසු පිරිස තව දුරටත් රැකියා අපේක්ෂාවෙන් සිටින බවයි එහි දී අනාවරණ වූයේ. ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ පත්වීම් ලබා දීම අත්හිටු වීම හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ සමත් වූ පිරිස දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි එම සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවේ.

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ආදායම ප්‍රමාණවත් නොවන තත්ත්වයක් තුළ සියලු වියදම් කළමනාකරණය කිරීමට රජයට සිදු ව ඇති බවයි. එහෙත් සෞඛ්‍ය වැනි අතිශ්‍ය වැදගත් ක්ෂේත්‍රයක බඳවා ගැනීම කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා අදාළ බඳවා ගැනීම් සිදු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව ලෝක බැංකු බැංකු ආධාර වැඩසටහන ඒ සඳහා යොදා ගැනීමේ හැකියාව සහ එසේ නොමැති නම් ඒ සඳහා මුදල් ලබා ගැනීමේ විකල්ප ක්‍රමවේදයක් හෝ සකස් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

රජයට ආදායම් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පවා පුරප්පාඩු පවතින අතර ඊටත් වඩා ප්‍රමුඛත්වයකින් සෞඛ්‍ය සේවයේ බඳවා ගැනීම් සඳහා කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
29
+1
1
+1
6
+1
4
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23