පවුල් ආරවුලක් ගැන පැමිණිලි කරන්න ඇවිත් WPCගේ පර්ස් එකට විදලා

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණ කොස්තාපල්වරියකගේ මුදල් පසුම්බියක් සොරාගත් අඹුසැමි යුවළක්
වාද්දූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දූව – කුරේ මාවතේ පදිංචි අඹුසැමි යුවළක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම යුවළ ඊයේ (06) පස්වරුවේ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා වාද්දූව පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී ඊට යාබදව පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයේ මේස ලාච්චුවක තිබූ කොස්තාපල්වරියකගේ මුදල් පසුම්බියක් මොවුන් විසින් සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අඹුසැමි යුවළ අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.