පවුලක්ම රෝහලට යැවු අති බිහිසුණු මාරක රිය අනතුර

රත්තනපුර, සන්නස්ගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ (19) සවස එම අනතුර සිදුවී තිබුණි.

අනතුර සිදුවූ ආකාරය ඒ ආසාන්නයේ තිබූ CCTV කැමරාවක සටහන්වී ඇත.

පැල්මඩුල්ල දෙස සිට රත්නපුර දෙසට ධාවන වූ ත්‍රීරෝද රථයක් මෝටර් රථයකට ඉස්සර කීරිමට යාමේදී රත්නපුර දෙස සිට පැල්මඩුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක ගැටී එම අනතුර සිදුවී තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ සිටි 10 හැවිරිදි සහ 5 හැවිරිද දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා පැල්මඩුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළක් කර ඇත.

ත්‍රීරෝද රථය පැදවූ පිය සහ රථයේ සිටි මව සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

එක් දරුවෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු කොළඹ මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පොලීසිය පවසන්නේ ත්‍රීරෝද රථයේ රියදුරගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් එම අනතුර සිදුවී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂයාට පහරදීපු සිද්ධියට පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද..?
10:49
Video thumbnail
ලෝක ළමා දිනයේ ඇමති වසන්ත දරුවන් වෙනුවෙන් කිව්ව දේ..
11:45
Video thumbnail
රනිල්ට එල්ල කරපු ප්‍රහාරය ද ආරක්ෂකයාට වැදුණේ
10:42
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ
03:58
Video thumbnail
පිටිසර පාසලක දරුවන් අත්විඳින දුෂ්කරතා ගැන නෙතට කඳුලක් ගෙනෙන කතාවක්
08:43
Video thumbnail
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ
08:33
Video thumbnail
රජයෙන් අපිට කිසිම සහනයක් නෑ, රජයෙන් කිසිම වැඩක් නෑ
05:30
Video thumbnail
අපි ජනාධිපතිතුමාව විශ්වාස කරනවා - ජනාධිපතිතුමා කිව්වා වගේම සහනාධාරයක් දෙයි
03:57
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57