පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් වීමෙන් පසු සොරකමක්

පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් වීමෙන් පසු එම අමාත්‍යංශයේ තිබූ රුපියල් ලක්ෂ තුන හමාරක් වටිනා පරිගණක උපාංග එහි සේවය කළ සේවිකාවක් විසින් සොරාගනු ලැබීමේ සිද්ධියක් වාර්තා වනවා. 

මෙමෙ සේවිකාව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලිපිකාරිනියක් ලෙසයි සේවය කර ඇත්තේ. 

කැබිනට් සංශෝධනයෙන් පසු ඉකුත් බදාදා උදෑසන ඇය සෞඛ්‍ය අමාත්‍යංශයේ තිබූ ලේසර් වර්ගයේ කලර් ප්‍රින්ටරයක් සහ ඊට අදාල වර්ණක රැගෙන ගොස් තිබුණා. 

මෙම උපකරණ පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන සමයේ භාවිත කළ උපකරණ බවයි වාර්තා වන්නේ. 

පසුව මෙම ලිපිකාරිනිය පිළිබඳ සැක සිතූ අමාත්‍යංශයේ ආරක්ෂක අංශ ඇය පරීක්ෂා කර තිබෙනවා. 

එහිදී ඇය පවසා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සංජීව මුණසිංහ හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන දැනුවත් කර මෙම උපකරණ ගෙන යන බවයි. 

එහෙත් ඒ පිළිබඳව සැක සිතූ ආරක්ෂක අංශ ඔවුන් අමතා මේ සම්බන්ධයෙන් විමසා තිබෙනවා. 

එහිදී ඔවුන් පවසා ඇත්තේ එවැනි කිසිදු අවසරයක් ලබා නොදුන් බවයි. කෙසේ වෙතත් මෙම ලිපිකාරිනිය ආරක්ෂක අංශවලට හොර රහසේ පසුව අදාල පරිගණක උපකරණ රැගෙන ගොස් තිබුණා.

මෙම ලිපිකාරිණිය, පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන සමයේ අමාත්‍යවරියගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කර ඇති බවටද වාර්තා පළ වනවා. 

එමෙන්ම එන්ත්කරණය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යංශයේ ගැටලු ඇති කිරීමට ඇය මැදිහත්ව ක්‍රියා කර ඇති බවටයි සෞඛ්‍ය ආරංචිමාර්ග පවසන්නේ. 

සෞඛ්‍ය අමාත්‍යෙංශය ගන්නා තීරණ වෘත්තීය සමිති වෙත ලබාදී ඇත්තේද අදාළ ලිපිකාරිනියයි. 

ඇය මේ වන විට ප්‍රවාහන අමාත්‍යංශයට ගොස් ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40