පවිත්‍රා චීන එන්නතට විරුද්ධ වූ විශේෂඥ වෛද්‍යවරයා කමිටුවෙන් පන්නා දමයි

කොවිඩ් 19 සඳහා චීනය නිපදවූ Sinopharm එන්නත මෙරට ලියාපදිංචිය සම්බන්ධයෙන් වන අර්බුදය දිග් ගැසෙමින් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජික ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යපවිත්‍රා වන්නිඅරච්චි කටයුතු කර ඇත. පසුගිය සති දෙක තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉවත් කළ 7වන සාමාජිකයා ඔහුය. එම ඉවත් කළ අය අතර කොවිඩ් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපීය නියෝජිතයා වන වෛද්‍ය පාලිත අභයකෝන් සහ ඖෂධ අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා වෙති.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ද චීන එන්නත ලබා දීමට විරෝධය පළ කර ඇත.
මෙම චීන එන්නත සඳහා තවම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැත. ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම එන්නන ගැන උපදෙස් ලබාගැනීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව මෙම එන්නත අනුමත කර නොමැත. එයට හේතුවී ඇත්තේ එන්නත සම්බන්ධ තොරතුරු ලබාදීමට චීන සමාගම කටයුතු නොකිරීමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36