spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පවිත්‍රා චීන එන්නතට විරුද්ධ වූ විශේෂඥ වෛද්‍යවරයා කමිටුවෙන් පන්නා දමයි

කොවිඩ් 19 සඳහා චීනය නිපදවූ Sinopharm එන්නත මෙරට ලියාපදිංචිය සම්බන්ධයෙන් වන අර්බුදය දිග් ගැසෙමින් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජික ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යපවිත්‍රා වන්නිඅරච්චි කටයුතු කර ඇත. පසුගිය සති දෙක තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉවත් කළ 7වන සාමාජිකයා ඔහුය. එම ඉවත් කළ අය අතර කොවිඩ් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපීය නියෝජිතයා වන වෛද්‍ය පාලිත අභයකෝන් සහ ඖෂධ අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා වෙති.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ද චීන එන්නත ලබා දීමට විරෝධය පළ කර ඇත.
මෙම චීන එන්නත සඳහා තවම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැත. ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම එන්නන ගැන උපදෙස් ලබාගැනීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව මෙම එන්නත අනුමත කර නොමැත. එයට හේතුවී ඇත්තේ එන්නත සම්බන්ධ තොරතුරු ලබාදීමට චීන සමාගම කටයුතු නොකිරීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?